වනිඳු T20 නායකත්වයට සමු දෙයි!

46

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සිය නායකත්වයට සමු දීමට තීරණය කර තිබෙනවා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ වනිඳු හසරංග සිය නායකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ක්‍රීඩකයකු ලෙස සෑම විටම මගේ උපරිමය ශ්‍රී ලංකාවට ලබා දීමට උත්සාහ කරනවා. එමෙන්ම සෑම විට මගේ කණ්ඩායම වෙනුවෙන් වගේම නායකත්වය වෙනුවෙන් සහය ලබා දෙනවා.

වනිඳුගේ ඉල්ලා අස්වීම තමන් පිළිගත් බවත්, එමෙන්ම ඔහු ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම්වල වැදගත් ක්‍රීඩකයකු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළ කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<