ආබාධයක් නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ඔහු විලුඹ ප්‍රදේශයේ ආබාධයකට ලක් වූ අතර එම නිසා ඔහුට තරගාවලියේ අවසන් තරග ද්විත්වයම අහිමි වුනා.
වනිඳු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ අතර තරග අටක් ක්‍රීඩා කරමින් ඔහු කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනේ 8.89ක ලකුණු වේගයක් රඳවා ගෙනයි.
- ආසියානු කුසලානය ගැන තීරණය මැයි 28 වැනිදා
- තරග පවා දීමේ චෝදනාව ලැබූ කොදෙව් ක්රීඩකයාට තහනමක්
- දසුන්ට වැඩ වැරදෙද්දී ගිල්ගේ ශතකය බැංගලෝරය ගෙදර යවයි!
- ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ කාලසටහන නිකුත් කරයි
ඔහුගේ ආබාධ තත්වය පිළිබඳ නිල නිවේදනයක් නිකුත් නොවුනත් ඔහුට ඇෆ්ගනිස්ථාන තරගාවලිය බොහෝ දුරට අහිමි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වනු නොඅනුමානයි.
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගාවලිය වන ඇෆ්ගනිස්ථාන තරගාවලියට එක්දින තරග තුනක් ඇතුළත් අතර එම තරග ජුනි 2 වැනිදා සිට 7 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<