වනිදු T20 ශ්‍රේණිගත කිරීමේ දෙවැනි තැනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1679

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු එහි ඉහළම ස්ථානය දිනා ගන්නට සමත් වී සිටින්නේ Rashid Khanට පමණක් දෙවැනි වෙමිනුයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ දිනා ගන්නට වනිඳු සමත් වී සිටින්නේ මෙතෙක් පැවති තරගවල දී කඩුලු 13ක් දවා ගනිමිනුයි.

වනිඳු මින් පෙර ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වූ අතර නවතම දක්ෂතා සමඟින් ඔහු ස්ථාන 4ක් දක්වා ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan ලකුණු 700ක් සමඟින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටින අතර හසරංග ලකුණු 697ක් සමඟින් දෙවැනි ස්ථානයේ පසු වෙද්දී, Tabraiz Shamsi (694) සහ Josh Hazlewood (692) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<