වත්මන් ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ නැවතත් පෙරමුණට පැමිණීමට ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.
වනිඳු මීට පෙර ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසු වූ අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සමඟ තරගයේ දී ලබා ගත් කඩුලු දෙකත් සමඟ ඔහු පෙරමුණට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 704ක් සමඟයි.
අවසන් ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Rashid Khan වත්මන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 698ක් සමඟ දෙවැනි තැන පසු වෙද්දී, ඕස්ට්‍රේලියා ක්‍රීඩක Josh Hazlewood ප්‍රසාද ලකුණු 690ක් සමඟින් තෙවැනි ස්ථානයේ පසු වෙනවා.
- ICC මාසයේ ක්‍රීඩකයා සම්මානය Kohliට
- ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව වටයට
- ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි
- ධනුෂ්ක සිඩ්නි හිදී අත්අඩංගුවට; සඳුදා අධිකරණයට!
- පාකිස්තාන – එංගලන්ත සංචාරය ගැන Wood කලකිරීමෙන්
වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරේ ද පළමු ස්ථාන 10 රැඳී සිටීමට සමත්ව ඇති අතර ඔහු එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 168ක් ලබා ගනිමින් ඔහු රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේ.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර වනිඳුට අමතරව මුල් ස්ථාන 10 අතරේ රැඳී සිටීමට මහීෂ් තීක්ෂණ සමත්ව ඇති අතර වත්මන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 655ක් ලබා ගනිමින් ඔහු 10 වැනි තැන පසුවනවා.
නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පිතිකරුවන් අතර පළමු ක්‍රීඩකයින් 10 අතර රැඳී සිටින එකම ශ්‍රී ලාංකික පිතිකරුවා පැතුම් නිස්සංක වන අතර ප්‍රසාද ලකුණු 673ක් සමඟ ඔහු රැඳී සිටින්නේ 10 වැනි ස්ථානයේයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<