වොලිබෝල් පුරාවෘත අංක 17
ඔබ හයදෙනෙකුගෙන් එක් අයෙක් පමණක් බව අමතක කරන්න එපා. නමුත් තරගයක දී එය ඔබේ දවස යැයි ඔබට හැඟෙනවා නම් පහර පිට පහර එල්ල කර කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යන්න පසුබට වෙන්නත් එපා. එසේ නොමැති දිනවල ඔබේ සගයන්ට ඉඩදී පසුපසට වන්නට අමතක කරන්නත් එපා.
ඒ ඔහු යොවුන් ක්‍රීඩකයන්ට ලබා දුන් අවවාදයයි.
ලොව පහළ වූ විශිෂ්ටතම වොලිබෝල් ක්‍රීඩකයන් කිහිප දෙනා අතර නිරන්තරයෙන් නම කියැවෙන මේ ක්‍රීඩකයාව වෙබ් අඩවිය විසින් ලොව විශිෂ්ටතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසින් ද හඳුන්වාදී තිබෙනවා. එසේම ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙක් ද වන ඔහු තමාටම ආවේණික ක්‍රීඩා රටාවකින් ලොව පුරා ප්‍රේක්ෂකයන් තමා වෙත ආකර්ෂණය කරගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්.
ඉතින් ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ දහ හත්වැනි ලිපිය වෙන් වන්නේ ඔහු වෙනුවෙන්.
- නම – ඉවාන් මිල්කොවිච් (Ivan Miljković)
- අන්වර්ථ නාමය – The Scary (භය උපදවන්නා)
- උපත – 1979/09/13
- උස – 2.06 m (අඩි 6 අඟල් 9)
- බර – 100 kg (220 lbs)
- ක්‍රීඩා කරන ස්ථානය – ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite)
- ජර්සි අංකය – 14
- ප්‍රහාරක උස – 354 cm (139 in)
- ආවරණ උස -333 cm (131 in)
- නියෝජනය කළ රට – යුගෝස්ලාවියාව (1998-2003 )
සර්බියාව (2003-2012)
වෙනත් කණ්ඩායම් –
1996 OK Partizan – සර්බියාව,
2000 Lube Banca Macerata – ඉතාලිය,
2007 M. Roma Volley – ඉතාලිය,
2008 Olympiacos Piraeus – ග්‍රීසිය,
2009 Al Rayyan – කටාර් රාජ්‍යය,
2009 Olympiacos Piraeus – ග්‍රීසිය,
2010 Al Rayyan – කටාර් රාජ්‍යය,
2010 Fenerbahçe Istanbul – තුර්කිය,
2011 Al Arabı SC – කටාර් රාජ්‍යය,
2011 Fenerbahçe Istanbul – තුර්කිය,
2015 Cucine Lube Civitanova – ඉතාලිය,
2016 Halkbank Ankara – තුර්කිය
ඔහුගේ විශේෂත්වය
නම කියූ සැණින් ඔබ හොඳින් හඳුනන ඉවාන් මිල්කොවිච් ඔහු ක්‍රීඩා කළ සමයේ පැවති ජාත්‍යන්තර තරගාවලි සෑම එකකම පාහේ ලොව හොඳම ප්‍රහාරකයන් ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට සමත් වූ ක්‍රීඩකයෙකි. ඒ සඳහා ඔහුට බෙහෙවින්ම ඉවහල් වූයේ ඔහුගේ උස හා ප්‍රහාරක ඉපිලීමයි. ත්‍රිත්ව ආවරණ මඟහරවා ප්‍රහාර එල්ල කිරීමේ අතිදක්ෂයෙකු ලෙසින් ප්‍රකට මිල්කොවිච්ගේ වඩාත්ම ප්‍රියජනකම ප්‍රහාරය ලෙසින් විචාරකයන් හඳුන්වන්නේ වොලිබෝල් දැලේ ඇන්ටෙනාව හා ආවරණය අතරින් ඇදීගොස් ප්‍රතිවාදී පිටියේ පසුපස කලාපයේ දකුණු පස කෙළවරට වන්නට පතිත වන ලෙස ඔහු එල්ල කරන ප්‍රහාරයයි.
තාක්ෂණය හා ජවය එකසේ යොදාගනිමින් ක්‍රීඩාවේ නිරත වන මිල්කොවිච්ගේ මැණික් කටුව ඉතා ශක්ති සම්පන්න එකක් බව විචාරකයන් පවසන තවත් කරුණකි. මේ හේතුව නිසාම ඔහුට තම මැණික් කටුව විවිධ දිශාවන්ට හරවමින් ප්‍රතිවාදී පිටියේ අංශක 180 පුරාවටම ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතී. ඔහුට ත්‍රිත්ව ආවරණ මඟහැරවීමේ හැකියාව ලැබී ඇත්තේ ද මේ විශේෂත්වය නිසාය.
එසේම මිල්කොවිච්ගේ ක්‍රීඩාවේ තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ පන්දු පිරිනැමීමයි. සාමාන්‍යයෙන් ඕවර්හෙඩ් ටොප් ස්පින් (Overhead Top Spin) ක්‍රමයට පන්දු පිරිනැමීමේ නිරත වන මිල්කොවිච් ඔහුගේ පිරිනැමීමේ දක්ෂතාවයන් වෙනුවෙන් 2005 වසරේ ලෝක ලීග් තරගාවලිය හා යුරෝපා ශූරතා තරගාවලිය යන තරගාවලි ද්විත්වයෙහිම හොඳම පන්දු පිරිනමන්නා සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය.
ශරීර ප්‍රමාණයෙන් අතිශය විශාල ක්‍රීඩකයෙකු වුවද මිල්කොවිච් ඉතා ඉක්මනින් පිටිය තුළ එහා මෙහා ගමන් කිරීමට හැකියාව ඇති ක්‍රීඩකයෙකි. ඔහුගේ පාද චලනය ඉතා වේගවත් වන අතර මෙම වේගවත් බව නිසාම ඉහළ ඉපිලීමක් ලබා ගැනීමට ද ඔහුට හැකියාව ලැබී ඇත. එබැවින් පසුපස කලාපයේ සිට පහර එල්ල කරන අවස්ථාවල දී පවා පන්දුව වෙත ප්‍රවේශ වීම සඳහා හොඳ වේගයක් මෙන්ම ඉපිලීමක් ද ජනනය කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ. මේ නිසාම මිල්කොවිච් පසුපස කලාපයේ සිට එල්ල කරන පහරවල් ද ඉදිරිපස කලාපයේ සිට එල්ල කරන පහරවල් තරමටම ජවසම්පන්න බවකින් යුක්තය.
තනි අතින් පන්දු ඔසවා දෙන්නා – බෲනෝ රෙසෙන්ඩේ
පුද්ගලික දිවිය
1979 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා යුගොස්ලාවියාවේ දී උපත ලද ඉවාන් මිල්කොවිච් කුඩා කල පිහිනුම් හා හෑන්ඩ්බෝල් ක්‍රීඩාවට දස්කම් දැක්වූ බව කියැවේ. නමුත් 1995 වසරේ දී එකවරම සෙන්ටි මීටර 22කින් ඔහුගේ උස වැඩි වීම නිසා වොලිබෝල් ක්‍රීඩාවට යොමුවන්නට ඔහු අදහස් කර ඇත. ඉවාන් 2008 වසරේ දී Željka Mićanović සමඟින් විවාහ ගිවිස ගන්නා ලදි.
වෘත්තීය දිවිය
1998 ඔක්තෝබර් 4 වන දින තුර්කියට එරෙහි තරගයක දී යුගෝස්ලාවියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට මිල්කොවිච් සමත් විය.
අනතුරුව 2000 වසරේ සිඩ්නි නුවර දී තම යුගෝස්ලාවියානු ජාතික කණ්ඩායමේ සගයන් වූ ව්ලැඩිමීර් ග්රිබික්, නිකොලා ග්රිබික්, ඇන්ඩ්රිජා ජෙරීක්, ගෝරන් වුජෙවික් වැනි ක්‍රීඩකයන් සමඟ ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය. මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂීතම අවස්ථාව ලෙසින් හැඳින්විය හැක. එහි දී රුසියාවට එරෙහිව පැවති අවසන් තරගයේ දී ජයග්‍රාහී අවසන් ලකුණ රැස් කිරීමේ වාසනාව මිල්කොවිච් හට හිමි වූ අතර එම ලකුණ රැස් කිරීමෙන් පසුව ඔහු දණින් වැටී හැඟීම්බර වූ ආකාරය ප්‍රේක්ෂකයන් හට ද අමතක නොවන මතකයකි.
මෙම ඔලිම්පික් සාර්ථකත්වයෙන් පසුව ඔහු තමා එතෙක් ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩා සමාජය වෙනස් කරමින් ඉතාලියේ ලුබ් බන්කා මැසෙරාටා කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය සැපයීමට තීරණය කළේය. පසුව 2001 වසරේ දී ම යුගෝස්ලාවියානු ජාතික කණ්ඩායම යුරෝපීය වොලිබෝල් ශූරතාව දිනා ගත් අතර එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට මිල්කොවිච් සමත් විය.
ඉන් අනතුරුව 2007 වසරේ දී ඔහු ඉතාලියේ M. Roma Volley සමඟ ගිවිසුමක් අත්සන් කළේය. එහි වසරක කාලයක් ගත කළ මිල්කොවිච් ඊළඟ වසරේ, එනම් 2008 ජූලි 5 වැනි දින ග්‍රීසියේ Olympiacos Piraeus කණ්ඩායමට එක්වී සිය වෘත්තීය වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන බව නිවේදනය කළේය. පසුව 2009 වසරේ දී ඔහු ග්‍රීක ශූරතාවය සහ ග්‍රීක කුසලානය දිනා ගත්තේය.
සිරස් පැනීමේ රාක්ෂයා – රිකාඩෝ ලුකරෙලි
වසර දෙකක කාලයක් ග්‍රීසියේ ගත කළ මිල්කොවිච් 2010 ජුනි 30 වැනි දින Fenerbahçe Istanbul කණ්ඩායම සමඟ වසර දෙකක ගිවිසුමක් අත්සන් කළේ ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම යන තෙක් ඔවුන් හා එක්ව ක්‍රීඩා කරන අරමුණෙන් යුතුවය.
ජාත්‍යන්තර වරම් දිනා ගැනීමෙන් වසර 14කට පසුව, එනම් ජාත්‍යන්තර තරග 288කට සහභාගී වීමෙන් පසුව 2012 මාර්තු මාසයේ දී තමා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව මිල්කොවිච් විසින් නිල වශයෙන් නිවේදනය කළේය.
ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගන්නා අවස්ථාව වන විට මිල්කොවිච් FIVB ලෝක ලීගයේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මාන පිට පිටම 3 වතාවක් දිනා ගත් ලොව එකම ක්‍රීඩකයා (2002, 2003, 2004) සහ FIVB ලෝක ලීගයේ දී (2002, 2003, 2004, 2006) තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයන් 4ක් දිනා ගත් එකම ක්‍රීඩකයා වශයෙන් වාර්තා පොත් අතරට ද එක් වන්නට සමත් වී තිබුණි.
සුවිශේෂී ජයග්‍රහණ
කණ්ඩායම් ජයග්‍රහණ – ක්‍රීඩා සමාජ තරග
CEV කුසලානය
- 2007 – රන් පදක්කම – M. Roma Volley සමඟ
- 2008 – රන් පදක්කම – M. Roma Volley සමඟ
CEV අභියෝගතා කුසලානය
- 2000/2001 – රන් පදක්කම – Lube Macerata සමඟ
- 2004/2005 – රන් පදක්කම – Lube Macerata සමඟ
- 2005/2006 – රන් පදක්කම – Lube Macerata සමඟ
- 2013/2014 – රන් පදක්කම – Fenerbahçe Istanbul සමඟ
CEV චැම්පියන්ස් ලීගය
- 2001/2002 – රන් පදක්කම – Lube Macerata සමඟ
- 2015/2016 – ලෝකඩ පදක්කම – Cucine Lube Civitanova සමඟ
ජාතික ශූරතා
- ජාතික ශූරතාවය – ඉතාලිය – 2005/2006
- ජාතික ශූරතාවය – ග්‍රීසිය – 2008/2009, 2009/2010
- ජාතික ශූරතාවය– තුර්කිය – 2010/2011, 2011/2012, 2016/2017
- ජාතික ශූරතාවය – කටාර් – 2009, 2010, 2012
කණ්ඩායම් ජයග්‍රහණ – යුගෝස්ලාවියානු ජාතික කණ්ඩායම සමඟ
ඔලිම්පික් ක්‍රීඩා
- 2000 සිඩ්නි – රන් පදක්කම
ලෝක ශූරතාවය
- 1998 ජපාන – රිදී පදක්කම
ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය
- 2001 ජපානය – ලෝකඩ පදක්කම
ලෝක ලීගය
- 2002 බෙලෝ හොරයිසොන්ටේ – ලෝකඩ පදක්කම
යුරෝපීය ශූරතාවය
- 1999 ඔස්ට්‍රියාව – ලෝකඩ පදක්කම
- 2001 චෙක් ජනරජය – රන් පදක්කම
කණ්ඩායම් ජයග්‍රහණ – සර්බියා ජාතික කණ්ඩායම සමඟ
ලෝක කුසලානය
- 2003 ජපානය – ලෝකඩ පදක්කම – තෙවන ස්ථාන
ලෝක ලීගය
- 2003 මැඩ්රිඩ් – රිදී පදක්කම
- 2005 බෙල්ග්‍රේඩ් – රිදී පදක්කම
- 2004 රෝමය – ලෝකඩ පදක්කම
- 2008 රියෝ ද ජැනෙයිරෝ – රිදී පදක්කම
- 2009 බෙල්ග්‍රේඩ් – රිදී පදක්කම
යුරෝපීය ශූරතාවය
- 2005 ඉතාලිය – ලෝකඩ පදක්කම
- 2011 ඔස්ට්‍රියාව / චෙක් ජනරජය – රන් පදක්කම
- 2007 රුසියාව – ලෝකඩ පදක්කම
ලෝක ශූරතාවය
- 2010 ඉතාලිය – ලෝකඩ පදක්කම
තනි ජයග්‍රහණ
- 2001 ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
- 2001 ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2001 යුරෝපීය ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
- 2001 යුරෝපීය ශූරතාවය – හොඳම ලකුණු ලාභියා
- 2001 ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – වටිනාම ක්‍රීඩකයා
- 2001 ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – හොඳම ලකුණු ලාභියා
- 2002 සේරි ඒ 1 ලීග් – වටිනාම ක්‍රීඩකයා
- 2002 ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
- 2002 ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2003 ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
- 2003 ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2005 ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
- 2005 ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2005 ලෝක ලීගය – හොඳම පන්දු පිරිනමන්නා
- 2005 යුරෝපීය ශූරතාවය – හොඳම පන්දු පිරිනමන්නා
- 2005-06 හොඳම කණ්ඩායම් කුසලානය – වටිනාම ක්‍රීඩකයා
- 2005-06 හොඳම කණ්ඩායම් කුසලානය – හොඳම ලකුණු ලාභියා
- 2005-06 හොඳම කණ්ඩායම් කුසලානය – හොඳම පන්දු ආවරණය කරන්නා
- 2006 සෙරී ඒ 1 ලීග් – වටිනාම ක්‍රීඩකයා
- 2007 යුරෝපීය ශූරතාවය – හොඳම ලකුණු ලාභියා
- 2007-08 CEV කුසලානය – හොඳම ප්‍රහාරකයා
- 2008 ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2009 ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2010 ග්‍රීක වොලි ලීගය – වඩාත්ම අගය කළ හැකි ක්‍රීඩකයා
- 2009-10 CEV චැම්පියන්ස් ලීගය – හොඳම ලකුණු ලාභියා
- 2011 යුරෝපීය ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
- ඉතිහාසයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයා (volleyball-movies.net)
- සර්බියාවේ ක්‍රීඩා සංගමය “මැයි සම්මානය”
- 2013–2014 අභියෝගතා කුසලානය – වටිනාම ක්‍රීඩකයා
Photo Credits: fivb.org, gettyimages.com
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<