විරේන්ට පළමු තරගයෙන් පරාජයක්

Paris Olympics 2024

3
Badminton Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ශ්‍රී ලාංකික සහභාගීත්වය සනිටුහන් කළ විරේන් නෙත්තසිංහ අද (28) ක්‍රීඩා පිටියට පිවිසුණා.

පිරිමි බැඩ්මින්ටන් කේවල ඉසව්වේ මූලික වටයේ තරගයක් ලෙස අද විරේන් සහභාගී වූ තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා වුනේ මැලේසියාවේ Lee Zii Jia වන අතර, ඔහු මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 07 වැනි ස්ථානයේ රැඳෙනවා.

තරගයේ පළමු වටයේ මුල් මිනිත්තු කිහිපය තුළ විරේන් තම ප්‍රතිවාදියා හා කරට කර සටනක නිරත වූ නමුත්, පසුව Lee සිය අත්දැකීම් පාවිච්චි කරමින් තරගයේ පෙරමුණ ලබා ගත්තා. ඒ අනුව පළමු තරග වටය ලකුණු 21-14ක් ලෙසයි අවසන් වුනේ.

තරගයේ දෙවැනි වටයට තුළ ද විරේන් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනත්, Lee පසුව ඉදිරියට පැමිණීමට සමත් වුනා. එම තරගවටය ලකුණු 21-12ක් ලෙසයි නිමාවට පත් වුනේ.

අද තරගයෙන් විරේන් පරාජයට පත් වුනත්, ඔහුට මෙම මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව පවතිනවා. එම තරගය ස්පාඤ්ඤ ක්‍රීඩක Pablo Abian සමඟ පැවැත්වීමට නියමිත අතර, එළඹෙන 30 වැනි දා එම තරගය පැවැත්වෙනු ඇති.

විරේන් ලෝක ශ්‍රේණිගත කිරීම් හි 70 වන ස්ථානයේ පසු වන අතර, Abian ශ්‍රේණිගත කිරීම් හි 62 වැනි ස්ථානයේ රැඳෙනවා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<