එංගලන්ත තරගාවලියට Kohli කැඳවයි

765

ඉන්දියානු නායක Virat Kohli, තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya හා වේගපන්දු යවන ක්‍රීඩක Ishant Sharma එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

සිය කුළුදුල් දරු උපත සඳහා Kohli, ඕස්ට්‍රේලියානු සංචාරය අතරමග නැවත ඉන්දියාවට පැමිණියා. Jasprit Bumrah ද උදරයේ ඇතිවූ සුළු ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ නමුත් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කළ 18 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයට ඔහුව ද නම් කර තිබෙනවා.

එංගලන්ත – ඉන්දියා ටෙස්ට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 5 වැනිදා චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිත අතර ඉන්දීය සංචිතය නම් කර ඇත්තේ පළමු ටෙස්ට් තරග දෙක සඳහා පමණයි.

IPL තරගාවලිය අතරතුර දී ඇතිවූ ආබාධයක් නිසා ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Ishant Sharma හට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වුනා. Pandya ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වුනත් ඔහුට ක්‍රීඩා කරන්නට හැකි වුනේ එක්දින හා විස්සයි විස්ස තරගාවලි පමණයි.

තමිල්නාඩු ක්‍රීඩක T Natarajan ඉන්දීය සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට Axar Patel කැඳවා තිබෙනවා. Patel ඉන්දියාව වෙනුවෙන් තවමත් ටෙස්ට් වරම් දිනා නැති අතර ඔහු එක්දින තරග 38ක් ක්‍රීඩා කර තිබෙනවා. Patel අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2018 වසරේ දී පැවැත්වුණු ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලියේ දීයි.

තවත් ක්‍රිකට් පුවත්:

Kohli ඉන්දියාව කරා පැමිණි පසුව Ajinkya Rahane ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර එංගලන්ත සංචාරය සඳහා ඉන්දියානු කණ්ඩායමේ උපනායක ලෙස ඔහුව නම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ දී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් Shubhman Gill හා Washington Sundar ද ඉන්දීය කණ්ඩායමට නැවත කැඳවා තිබෙනවා. වේගපන්දු යවන ක්‍රීඩකයින් වන Mohommed Siraj හා තුන් ඉරියව් ක්‍රීඩක Shardul Thakurට ද කණ්ඩායමේ අසුන් වෙන් වී තිබීම විශේෂත්වයක්. ආබාධයක් නිසා Brisbane ටෙස්ට් තරගය අහිමි වූ Ravichandran Ashwin ද එංගලන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Wriddhiman Saha හා Rishabh Pant ද කඩුලු රකින්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටිනවා. එංගලන්තය හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය ද චෙන්නායි හිදී පැවැත්වීමට නියමිතයි. තෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 24 සිට 28 දක්වා හා සිව්වැනි තරගය මාර්තු 4 සිට 8 දක්වා අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියට පසුව තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් හා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<