Kohliගෙන් තවත් සුවිශේෂී වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

210

Punjab Kings සමඟ ඊයේ (21) පැවති තරගයේ දී නායකයෙකු ලෙස සුවිශේෂී කඩඉමක් පසු කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සුපිරි ක්‍රීඩක Virat Kohli සමත් වුනා.

ඊයේ තරගයේ දී වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු 6,500ක් රැස් කළ පළමු නායකයා බවට පත් වීමට සමත් වුනා.

Royal Challengers Bangalore නිත්‍ය නායක Faf du Plessis ආදේශක ක්‍රීඩකයා ලෙස කටයුතු කිරීම නිසා එම තරගයේ නායකත්වය දැරූ Virat Kohli අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු 59ක් ලබා ගත්තා.

එමෙන්ම Shikhar Dhawan සහ David Warnerට පසුව තරගාවලියේ හතරේ පහර 600 සම්පූර්ණ කළ තෙවැනි ක්‍රීඩකයා වීමට ද ඔහුට හැකි වූ අතර David Warner හතරේ පහර 608ක් සහ Shikhar Dhawan හතරේ පහර 708ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.

එම තරගයේ Kohli වාර්තා කළ අර්ධ ශතකය සහ Faf du Plessis ලබා ගත් ලකුණු 84 නිසා පන්දුවාර 20 අවසානයේ ලකුණු 174ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 150ක් පමණයි.

මෙම තරගයේ වාර්තා කළ අර්ධ ශතකය සමඟ මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර දෙවැනි තැනට පැමිණීමට ද Faf du Plessisට හැකි වීම විශේෂත්වයක්.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<