“මීටර් 100දි හිතන්න වෙලාවක් නෑ”
මියුසියස් විද්‍යාලය, මීටර 100 සහය දිවීමේ ඉසව්ව තුළ ප්‍රථම ස්ථාන ලබාගැනීම "පුරුද්දක්" බවට පත්කොටගෙන ඇත. 2011 වසරේ සිට වසර කිහිපයක් පුරාවටම කාන්තා 4x100 ඉසව්වල ජයග්‍රහණ ලබමින් ඉදිරියට යන මියුසියස් විද්‍යාලීය මලල ක්‍රීඩිකාවන් සමඟින් කෙටි කතාබහකට ThePapare.com අප මඟ පාදාගත්තා. 4x100 ඉසව්වේදී උපක්‍රමශීලී විය හැකිද? 4x100 ජයගැනීමට ඔවුන් යොදාගත්තේ කුමන උපක්‍රමද? ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? මේ සියලු ගැටළු වලට පිළිතුරු ලබාදුන්නේ මියුසියස් විද්‍යාලයීය 18න් පහළ 4x100 සහාය දිවීමේ කණ්ඩායමේ නායිකා දෙවින්යා පෙරේරා සහ උප නායිකා නෙත්මි දේවරාජ යි.