යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩීමෝ Southern Warriors සහ ප්‍රීමා Eastern Warriors අතර පැවති දෙවන තරගයේ දී Eastern Warriors ක්‍රීඩක සඳුන් වීරක්කොඩි 4 පහර 2ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 19කදී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතරව පන්දු යැවීමෙන් කඩුලු 3ක් ද දවා ගත්තා. තරගය ඊයේ (5) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.