ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (7) සමත් වුනා. ඒ 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ද ලබාගෙනයි. තරගාවලියේ තරග 3ක දී මුළු ලකුණු 196ක් ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් චරිත් අසලංක තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පැවසුවා.