Video – ටෙස්ට් ක්‍රිකට් ලොව පළමු ලෝක කිරුල දිනූ නවසීලන්තයේ ගමන් මඟ

373

පළමු වරට සංවිධානය කළ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් වුනා. ඒ අවසන් මහා තරගයේ දී කඩුලු 8කින් ඉන්දියාව පරාජය කරමින්. 2019 අගෝස්තු පළවැනිදා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති අළුබඳුන තරගාවලියෙන් ආරම්භ වූ මේ තරගාවලියට තරග 61ක් ඇතුළත් වුනා. ඊට අමතරව තවත් තරග කිහිපයක් කොරෝනා අවදානම නිසා පැවැත්වීමට නොහැකි වුනා. ලෝක ශූරතාවය දිනා ගත් නවසීලන්තය ජයග්‍රහණය දක්වා පැමිණි ගමන් මඟ අවධානය යොමු කරමු.​