ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා – බන්දුල වර්ණපුර

2870
1982 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් බන්දුල වර්ණපුර දක්ෂ දකුණත් ආරම්භක පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 12ක් හා ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කරමින් ලකුණු 276ක් රැස්කරගත් වර්ණපුර තමාගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ම ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දැරුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින වර්ණපුර කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ අටවැනි දිගහැරුම.