Serendib පරාජයෙන් ගැලවෙද්දී පොලිස්, Defenders සහ Red Stars ජය ලබයි

533

FFSL සභාපති කුසලාන 2020 පාපන්දු තරගාවලියේ අද (10) දිනයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට පොලිස්, යුද හමුදා සහ රෙඩ් ස්ටාර්ස් කණ්ඩායම් සමත් වූ අතර තියුණු සටනකින් අනතුරුව Sea Hawks FC සහ Serendib SC තරගය සමව අවසන් විය.

Defender FC – Super Sun SC 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ මුල් අර්ධයේ සිටම සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් 24 වැනි මිනිත්තුවේ දී අසිකුල් රහුමාන් තරගයේ මුල්ම ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර එම අර්ධයේම 28 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවේ සිට දැල වෙත පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට දෙවන ගෝලය රැස්කර දීමට යුද හමුදා ක්‍රීඩක එම්. සිල්වා සමත් විය.

දෙවන අර්ධයට පිවිසි ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නැවතත් සුපර් සන් ක්‍රීඩකයන් හට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් 47 වැනි මිනිත්තුවේ දී තුන්වැනි ගෝලයත් සිය කණ්ඩායමට හිමිකර දීමට යුද හමුදා ක්‍රීඩක මෙන්ඩිස් සමත් වූ අතර එම අර්ධයේම 73 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩක රාජවසම් විසින් සිය කණ්ඩායමේ ජය තහවුරු කරමින් තරගයේ සිව්වැනි ගෝලයත් රැස් කිරීමට සමත් විය.

ඉන් පසුව ක්‍රීඩක ආදේශයන් කිහිපයක්ම සිදු කරමින් යුද හමුදා කණ්ඩායම ක්‍රීඩා කළ අතර තරගයේ 90 වැනි මිනිත්තුවේ දී ලැබූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම වෙනුවෙන් මුල්ම ගෝලය රැස්කිරීමට සුපර් සන් ක්‍රීඩක ෆාදිල් සමත් වූවත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය: Defender FC 04 (02) – 01 (00) Super Sun FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Defenders FC – ඒ. රහුමාන් 24’, එම්. සිල්වා 28’, මෙන්ඩිස් 47’, රාජවසම් 73’ 
  • Super Sun FC – ෆාදිල් 90’ 

Red Stars FC – Saunders SC

තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර 39 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩක Abumer තරගයේ මුල්ම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

Saunders වෙනුවෙන් 50 වැනි මිනිත්තුවේ දී හිමි වූ නිදහස් පහරක් සාර්ථක කරගනිමින් මුල්ම ගෝලය රැස් කරදීමට Saunders ක්‍රීඩක නිරේෂ් සමත්වූවත් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩක හස්මිත් තරගයේ 70 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමට දෙවන ගෝලය රැස්කර දීමට සමත් විය.

එම ගෝලය රැස්කිරීමෙන් මිනිත්තු 3කට පසුව ගෝලයක් රැස් කිරීමට Saunders සමත් වූවත් එම ගෝලය Off Side ලෙස නම් කරමින් අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කරන අතර ඉන් පසුව ගෝල රැස් කිරීමට ආසන්න අවස්ථා කිහිපයකට Saunders ක්‍රීඩකයන් පැමිණියත් රෙඩ් ස්ටාර්ස් පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් එම අවස්ථා සාර්ථක කරගැනීමට හැකි නොවීය.

අවසන් ලකුණු තත්වය: Red Star FC 02 (01) – 01 (00) Saunders SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Red Stars FC – Abumer 39’, හස්මිත් 70’ 
  • Super Sun SC – නිරේෂ් 50’

Sea Hawks FC – Serendib SC

සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 23 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් මුල්ම ගෝලය රැස් කිරීමට Sea Hawks ක්‍රීඩක අස්මීර් සමත් වූ අතර එම අර්ධයේම 26 වැනි මිනිත්තුවේ දී ලැබූ නිදහස් පහරක් ඉතා සාර්ථකව අවසන් කර ගෝලයක් ලබා ගනිමින් පළමු අර්ධය ගෝල සමව අවසන් කර දීමට Serendib ක්‍රීඩක Asante සමත් විය.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කර දීමට Sea Hawks ක්‍රීඩක මීරා සමත් වූ අතර තරගයේ 50 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ එම කණ්ඩායමේ ක්‍රීඩක අස්මීර් සිය දෙවන ගෝලය වාර්තා කරමින් කණ්ඩායමට අවශ්‍ය පරතරය ලබා දීමට සමත් විය.

පසුබෑමකින් පසුව නැවතත් දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් තරගයට පිවිසි Serendib කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ Asante තරගයේ 58 වැනි මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය රැස් කිරීමට සමත් වූ අතර තරගයේ 93 වැනි මිනිත්තුවේ දී Serendib ක්‍රීඩක ශිෆාන් රැස් කළ ගෝලය නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඔවුන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 03 (01) – 03 (01) Serendib SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Sea Hawks FC – අස්මීර් 23’ & 50’, මීරා 46’ 
  • Serendib SC – Asante 26’ & 58’, ශිෆාන් 90+3’

Ratnam SC – Police SC

තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ අටවැනි මිනිත්තුවේ දී මුල්ම ගෝලය රැස් කරමින් පොලිස් කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට රත්නම් ක්‍රීඩක Laboganan සමත් වූ නමුත් ඉන් පසුව ක්‍රියාත්මක වෙමින් පිළිවෙළින් තරගයේ 14 වැනි (ශිශාන්), 23 වැනි (චතුර) සහ 36 වැනි (Sufaik) මිනිත්තුවල දී ගෝල රැස් කරමින් තරගයේ වැඩි වාසි පොලිස් කණ්ඩායමට අත්කර දීමට සමත් විය.

ඉතා වාසිදායක මුල් අර්ධයකින් පසුව නැවත තරගයට පිවිසි පොලිස් කණ්ඩායම වෙනුවෙන් 68 වැනි මිනිත්තුවේ දී සිව්වැනි ගෝලය රැස්කර දීමට Rifkhan සමත් විය. එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එනම් තරගයේ 71 වැනි මිනිත්තුවේ දී රත්නම් කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය රැස් කිරීමට Santhan සමත්වූවත් තරගය පරාජිතව නිම කිරීමට ඔවුන්හට සිදු විය.

අවසන් ලකුණු තත්වය: Ratnam SC 02 (01) – 04 (03) Police SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Police SC  – ශිශාන් 14’, චතුර 23’, Sufaik 36’, Rifkhan 68’
  • Ratnam SC – Laboganan 08’, Santhan 71’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<