උස පැනීමෙන් තිවංක නව වාර්තාවකට

Lone Star Conference 2021

456
Ushan Thiwanka

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වන උෂාන් තිවංක පෙරේරා, ඇමරිකාවේ පැවති 2021 Lone Star Conference තරගාවලියේ උස පැනීම ඉසව්ව සඳහා සහභාගී වී නව ගෘහස්ථ ජාතික වාර්තාවක් පිහිටුවන්නට පසුගිය දා (21) සමත් වුනා. 

මේ වන විට ඇමරිකාවේ වාසය කරන තිවංක මෙහි දී මීටර් 2.25 දක්ෂතාවයක් වාර්තා කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙම තරගාවලිය තුල දී වාර්තා කළ දක්ෂතම වාර්තාව වාර්තා කරන්නට සමත් වුනා. එමෙන්ම ඔහුගේ මෙම දක්ෂතාවය නව ගෘහස්ථ ජාතික වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද වෙනවා.   

2016 වසරේ පැවති ආසියානු ගෘහස්ථ ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ මීටර් 2.24ක වාර්තාව අභිබවා යන්නට තිවංක සමත් වුනා. 

තවත් මලල ක්‍රීඩා පුවත්:

මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන තිවංක මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් නුවර වාසය කරමින් ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතුවල මෙන්ම පුහුණුවීම් කටයතුවල ද නිරත වෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<