ඊයේ දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු මලල ක්‍රීඩා ඉසව් ද්විත්වයකින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් සමත් වුනා.
හිරුණි විජයරත්න
ඊයේ දිනයේ දී (10) Boston University David Hemery Valentine Invitational තරගාවලියට සහභාගී වූ හිරුණි විසින් වසර එකොළහක් පැරණි කාන්තා සැතපුම් දුර දිවීමේ ඉසව්වේ ගෘහස්ථ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වී තිබෙනවා.
මෙහි දී ඇය විසින් සිය ඉසව්ව විනාඩි 4.55.44ක කාලයක් තුළ අවසන් කිරීමට සමත් වුනා.
- Shelly දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!
- Noah Lyles 200m ලෝක වාර්තා සිහින දකියි
- 2023 වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා දක්ෂයින් නම් කරයි
- ඉන්දියාවට ඉතිහාසගත රැයක්; මලල ක්‍රීඩා ශූරතාවලියට විශිෂ්ට නිමාවක්!
- ශ්‍රී ලංකාවේ සිහින බොඳ වෙයි; ඇමරිකාව රජ වෙයි!
උෂාන් තිවංක
මේ අතර මෙම මස මුල දී Charlie Thomas Invitational ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 2.20ක පිම්මක් පනිමින් මෙවර තරගවාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත් උෂාන් තිවංක ඊයේ දිනයේ දී Clemson Tiger Paw තරගාවලියේ දී මීටර් 2.15ක උසක් තරණය කරමින් තරගයේ දෙවැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.
ඇමරිකාවේ Texas හි A&M සරසවිය නියෝජනය කරමින් ක්‍රීඩාවේ නිරත වන උෂාන් මේ වන විට උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික මට්ටමේ ගෘහස්ථ සහ එළිමහන් වාර්තා ද්විත්වයට අමතරව, දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියනවා. එමෙන්ම ඔහු විසින් මෙවර තරග වාරයේ දී නැවත වරක් සිය සුපුරුදු ආධිපත්‍යය පැතිරීමේ ඉඟි පෙන්නුම් කරමින් ද සිටිනවා.
එම නිසාම මෙම තරග වාරය තුළ ඉදිරියේ දී උෂාන්ගෙන් තවත් මෙවැනි දක්ෂතා රැසක් දැක බලා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<