ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ Usain Bolt එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තානාපතිවරයකු ලෙස නම් කර තිබෙනවා.
පිට පිට ඔලිම්පික් උළෙල තුනක දී (2008, 2012 සහ 2016) රන් පදක්කම් ත්‍රිත්වය බැගින් දිනා ගැනීමට සමත් වූ Bolt තවමත් මීටර් 100, 200 සහ 100×4 ඉසව් හි ලෝක වාර්තාවලට පවා හිමිකම් කීම විශේෂත්වයක්.
මේ අතරින් පිරිමි මීටර් 100 ඉසව්වේ ලොව මෙතෙක් වාර්තා වූ හොඳම කාල තුනම Boltගේ නම ඉදිරියෙන් සටහන් වීම ම ඔහු කෙටි දුර ධාවනය තුළ කෙතරම් ආධිපත්‍යයක් පැතිරීමට සමත් වූවා ද යන්න වෙනුවෙන් හොඳම නිදසුන ලෙස හඳුන්වාදිය හැකි.
ඒ අනුව මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තානාපති ධුරයක් හිමි වී ඇති Bolt එළඹෙන සතියේ දී නිකුත් වීමට නියමිත ලෝක කුසලාන නිල තේමා ගීතයේ ද ආරධිත රංගනයකින් දායකවීමට සූදානම් ව සිටින බවයි වාර්තා වන්නේ.
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරගයෙන් පහසු ජයක්
- චමරි ප්රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
- කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
එමෙන්ම ඔහු විසින් බටහිර ඉන්දීය කොදෙව් හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරග නැරඹීමට මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත රසික ප්‍රජාව සහභාගී වන ඉසව් කිහිපයකට ද සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
මලල ක්‍රීඩාව හැරුණු කොට ක්‍රිකට් ක්‍රීඩාවට ද දැඩි ලෙස ඇලුම් කරන අයකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් Bolt සිය ධුරය සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වී ඇති බවයි පවසන්නේ. එමෙන්ම මෙය ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාව තුළ තවත් ජනාදරයට පත් කරමින් 2028 Los Angeles ඔලිම්පික් උළෙල වෙත ක්‍රිකට් ඇතුළත් කිරීමේ ගමන් මගේ විශාල කාර්යයක් ඉටු කරනු ඇති බවත් ඔහු විශ්වාස කරනවා.
මෙවර තරගාවලිය එළඹෙන ජුනි මස පළමු වැනි දා සිට 29 වැනි දා පැවැත්වීමට නියමිතයි.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<