පසුගිය තරග වාරයේ ප්‍රංශයේ PSG කණ්ඩායම නියෝජනය කළ ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappe හට මීළඟ තරග වාරය සඳහා වාර්තා ගත යෝජනාවක් සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal විසින් ඉදිරිපත් කර තිබෙනවා.
මෑත කාලයේ දී යුරෝපා ලීගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ඉහළ වැටුප් ඉදිරිපත් කළ ඔවුන් මෙවර Mbappe හට වසරක කාලයක් සඳහා ඩොලර් මිලියන 776ක යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය මෙතෙක් ක්‍රීඩකයෙක් සඳහා කණ්ඩායම් ඉදිරිපත් කළ ඉහළම වැටුප් යෝජනාව ද වෙනවා.
කෙසේ නමුත් ඔහු එම යෝජනාවට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර බොහෝ විට ඔහු යෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතයි වාර්තා වෙනවා.
PSG සමඟ ඇති කර ගත් ගිවිසුම තවත් වසරකට ඉතිරිව තිබෙන අතර ඔහු සිය කණ්ඩායම සමඟ නව ගිවිසුමක් ඇති කර ගැනීමට එකඟව තිබුණේ නැහැ.
ඔහුව කණ්ඩායම මෙවර තරග වාරයට පෙර සහභාගී වන ජපාන සහ දකුණු කොරියානු සංචාර සඳහා නම් කළ සංචිතයට ඇතුළත්ව තිබුණේ ද නැහැ.
- FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන්ට සුබ ආරංචියක්
- මෙරට පාපන්දුවේ මූල්‍ය දූෂණ ගැන හෙළිදරව් කරයි
- ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි!
- නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක්
- ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ගැන FIFA හේතු කියයි
මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු මීළඟ තරග වාරය කණ්ඩායමේ ක්‍රීඩා නොකර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටීමෙන් ඔහුව වෙනත් කණ්ඩායමකට ලබා දීමක් හෝ ගිවිසුම් කාලය අවසන් වූ පසු නිදහස් ක්‍රීඩකයෙකු ලෙස වෙනත් කණ්ඩායමකට එක් වීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.
සෞදි අරාබි පාපන්දු සමාජය විසින් ඔහුට මෙම ලබා දුන් ඉතිහාසගත යෝජනාව පිළිබඳ බොහෝ සුපිරි ක්‍රීඩකයින්ගේ අවධානය යොමුව තිබූ අතර පාපන්දු ක්‍රීඩාවෙන් පිටත බිහි වූ ක්‍රීඩකයින් ද ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණා.
මෙම යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකානු ක්‍රීඩක Usain Bolt ප්‍රකාශ කර තිබුණේ එම වැටුප වෙනුවෙන් තමන් විශ්‍රාම ගැනීම අවලංගු කිරීමට පවා කැමති බවයි.
එමෙන්ම ඇමරිකාවේ පැසි පන්දු ලීගය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රැසක් මේ පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසිනුයි,
Al Hilal you can take me. I look like Kylian Mbappe 😂😂👀 pic.twitter.com/VH0syez3VX
— Giannis Antetokounmpo (@Giannis_An34) July 24, 2023
Me headed to Saudi when they call @RichPaul4 & @mavcarter for that 1 year deal! ✌🏾🤷🏾♂️😁 pic.twitter.com/IX0VSMZYNb
— LeBron James (@KingJames) July 25, 2023
They got basketball leagues too right? 😱😱🏃🏿🏃🏿💨💨💨💨💨 I don’t the ink on my contract has dried up yet 🤣🤣🤣🤣
— Draymond Green (@Money23Green) July 25, 2023
1 year 776mm? Bro wtf😅 do you guys need a goalie? @Alhilal_FC
— Andre Drummond (@AndreDrummond) July 24, 2023
යම් හෙයකින් Kylian Mbappe මෙම යෝජනාවට එකඟ වුවහොත් ඔහුට ඇමරිකානු වෘත්තීය පැසිපන්දු ලීගය ක්‍රීඩා කරන ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයාගේ වැටුපට වඩා 17ක් ගුණයක වැටුපක් හිමි වෙනවා.
නමුත් ඔහු බොහෝ දුරට දිගු කාලයක් මුළුල්ලේ පුවත් මැවූ ස්පාඤ්ඤයේ Real Madrid කණ්ඩායම සමඟින් එක් වීමට වැඩි ඉඩක් ඇතයි වාර්තා වෙනවා.
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<