ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග, සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට අද (23) දින තීරණය කර තිබෙනවා. ඔහු සිය පුද්ගලික නිල ෆේස්බුක් ගිණුම හරහා මෙම සමුගැනීම ප්‍රකාශ කරමින්, සිය ක්‍රිකට් දිවි ගමනේ දී සවියක් වුනු සියලුම දෙනා හට ස්තූතිය පුදකර සිටියා.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තරංග, 2005 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තා. එදා සිට 2017 වසර දක්වා ටෙස්ට් තරග 31කට සහභාගී වෙමින් ලකුණු 1,754ක් රැස්කර ගැනීමට තරංග සමත් වී තිබෙන්නේ ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් ලබාගෙනයි.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
අලුත් T20 නායකයාගේ කොදෙව් ගමනට බාධා
96 ලෝක ක්‍රිකට් ශූරයින් යාපනයට
Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටව යයි
එසේම 2005 වසරේ සිට 2019 වසර දක්වා එක්දින ජාත්‍යන්තර තරග 235කට සහභාගී වෙමින් ලකුණු 6,951ක් රැස්කර ගෙන ඇති තරංග, 2007 සහ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි නියෝජනය කරමින් අවසන් මහා තරග දෙකක් ක්‍රීඩා කිරීමට වරම් දිනාගත්තා. ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය සඳහා ශතක 15ක් සහ අර්ධ ශතක 37ක් ඇතුළත් අතර ලකුණු 200කට වඩා වැඩි සබඳතාවයන් 7ක් ගොඩනංවාලීම සඳහා සවියක් වී තිබෙන උපුල් තරංග, ලොව හොඳම ක්‍රිකට් සබඳතා ගොඩනංවා තිබෙන ක්‍රීඩකයින් අතරින් දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ Ricky Ponting හට පමණයි.
එසේම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 26ක් සඳහා සිය දායකත්වය දැක්වූ තරංග එහිදී ලකුණු 407ක් රැස්කර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් 36 හැවිරිදි උපුල් තරංග හට 2019 වසරේ මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ. කෙසේ නමුත් එළඹෙන 02 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන ‘Road Safety World Series’ තරගාවලියේ දී ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් සූදානමින් සිටිනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<