ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (7) නිමා වූ තරගවල දී මොරටු විද්‍යාලය, මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 155ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මොරටු විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත්තා. ලකුණු 4ක් පිටුපස සිට තම 2 වැනි ඉනිම ආරම්භ කළ සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එවර ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 116ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි මොරටු විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
මේ අතර ඊයේ ආරම්භ වූ කොළඹ සහිරා විද්‍යාලය සහ කලුතර සිරි කුරුස විද්‍යාලය අතර තරගය අද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දහවල් කාලයේ දී විසඳුමකින් තොරව අතහැර දැමුණා.
අද පැවැති තරගවල දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ලක්වින් අබේසිංහ කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහි ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට සමත් වුනා. ඔහු පිතිකරුවෙක් ලෙසින් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තා.
මේ අතර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන නිමේෂ සිල්වා මොරටු විද්‍යාලයට එරෙහි ව ලකුණු 44කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර ඔහු 2 වැනි ඉනිමේ දී ද කඩුලු 2ක් දවා ගත්තා.
මොරටු විද්‍යාලයේ සංජන සෙනෙවිරත්න සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගත් අතර එම විද්‍යාලයේ ම ඉසුරු ප්‍රනාන්දු තරගයේ දී ලකුණු 69කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
- සනුක චෙරාන් ශතකලාභීන් අතරට
- තීරණයක් සහිත තරග ද්විත්වයක් අවසන් වෙයි
- රයන් සහ උශේන් සෙබස්තියන් විද්‍යාලයට ශක්තිමත් අඩිතාලමක් සකසා දෙයි
- මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට
- ක්‍රිකට් පොඩ්ඩන්ගේ වික්‍රමාන්විත මෙහෙයුම
අද ආරම්භ වූ තරග
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී.
මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (38.3) චන්දූප අබේසිංහ 36, දිමන්ත අරුශ 63, සදෙව් හේවාවිතාරණ 21, දිමත් අබේසිංහ 24, නිසල අබේරත්න 2/25, ලක්වින් අබේසිංහ 4/31, ඔනිජ සේසත් 2/18
ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 113 (42.0) කලිඳු අබේරත්න 22, ලක්වින් අබේසිංහ 43, හේෂාන් වර්ණකුලගේ 18, දිමන්ත අබේසිංහ 4/42, තවීෂ බාලසූරිය 2/24
මෙම තරගය හෙට (08) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
අද අවසන් වූ තරග
මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය බෝයගනේ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (42.1) වගීෂ හංසක 41, කවීෂ චන්දිමාල් 67, මලිත් පෙරේරා 2/26, ඉසුරු ප්‍රනාන්දු 5/54, නිශිත ප්‍රනාන්දු 3/34
මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 159 (69.0) විසල් සිර්වර්ධන 39, සංජන සෙනවිරත්න 21, ශෙහාර ප්‍රනාන්දු 37, ඉසුරු ප්‍රනාන්දු 31, නිමේෂ සිල්වා 5/44, චන්දූප වඩුගේ 2/29
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 119 (33.2) යෝශිත ඉසුරංග 19, ප්‍රභාගරන් ඉෂාන් 22, විදුසර ගනේගොඩ 27, කවීෂ විජේවර්ධන 19, ඉසුරු ප්‍රනාන්දු 3/25, විහඟ නෙත්සර 4/31
මොරටු විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 120 (25.2) සංජන සෙනෙවිරත්න නොදැවී 55, ශෙහාර ප්‍රනාන්දු 23, නිමේෂ සිල්වා 2/42, යෝශිත ඉසුරංග 2/24
මොරටු විද්‍යාලයට කඩුලු 4ක ජයක්.
කොළඹ සහිරා විද්‍යාලය සහ කලුතර සිරි කුරුස විද්‍යාලය අතර තරගය සහිරා විද්‍යාලයීය පිටියේ දී.
සහිරා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 53 (35.1) රයිඩ් කරීම් 17, හිරුශ ගිම්හාන් 3/05, අමාෂ් ප්‍රනාන්දු 2/11, හිමරු දීශාන් 3/08
සිරි කුරුස විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 230 (65.0) සනුක චෙරාන් නොදැවී 104, විහඟ ඔසිඳ 33, එම්. එෆ්. ජයමන් 34, සයන් ඉස්මත් 2/46
තරගයේ විසඳුමක් නෑ.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.