එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (13) ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A කණ්ඩායම් අතර ක්‍රියාත්මක වුනා.
අබුඩාබි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය අයර්ලන්තය සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසුණා.
මෙහි දී ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 49 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 264ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී සහන් ආරච්ච්ගේ විසින් පන්දු 96කින් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුනා.
මීට අමතරව ළහිරු උදාර ලකුණු 32ක් සහ තරිඳු රත්නායක ලකුණු 35ක් ලබමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුනා. මේ අතර අයර්ලන්තය වෙනුවෙන් Thomas Mayes කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 265ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු අයර්ලන්ත A ක්‍රීඩකයින් විසින් පන්දුවාර 44 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 219ක් පමණයි.
අයර්ලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Sam Topping ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර, තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සාර්ථක ලෙස සිය ඉනිම් ආරම්භ කළත් ඒවා ඉදිරියට පවත්වා ගෙන යාමට අසමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ තරිඳු රත්නායක ලකුණු 24කට කඩුලු 4ක් බිඳ හෙළනා අතරේ, දුශාන් හේමන්ත ද ලකුණු 51කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.
ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 45ක ජයක් හිමි වූ අතර, තරිඳු රත්නායක තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.
මෙම තරගාවලියේ මීළඟ තරගය හෙට (15) ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<