මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත් මෙම ගිවිසුමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ සිය සත්කාරක ක්‍රීඩාංගණ ලෙස භාවිතා කිරීමට ඇෆ්ගනිස්ථානය හැකි වෙනවා.
පාකිස්තාන කණ්ඩායම ද මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය සත්කාරක රට ලෙස කටයුතු කළ අතර මෙම ගිවිසුම මගින් ඇෆ්ගනිස්ථාන සහ එක්සත් අරාබි එමීර් යන පාර්ශව දෙකටම වාසි ලැබෙන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළා.
- වර්ෂාව නිසා කණ්ඩායම් දෙකටම ලකුණු 5 බැගින් ලැබෙයි
- ශ්‍රී ලාංකිකයන් 13ක් බංග්ලාදේශ් ප්‍රිමියර් ලීගයට
- ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා නායිකා විශ්මිගෙන් A 9ක දස්කමක්
- නව ස්ථාන සහ නව ක්‍රමයක් යටතේ පැවැත්වෙන 2024 ලෝක කුසලානය
- ධනංජය ලක්ෂාන් සංචිතයට; භානුකට විවේකයක්
එමෙන්ම මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලි ද පැවැත්වේ.
“ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්සයි විස්ස තරගාවලියක් ද වාර්ෂිකව ක්‍රීඩා කරනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඇෆ්ගනිස්ථානය වීසා, කාර්යාල ඇතුළු සේවාවන් රැසක් ලබා දීමට නියමිතයි,” යැයි එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
“ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සහ අප ඉතා දිගු සුහද සම්බන්ධතාවක් පවත්වනවා. ඔවුන්ගේ ක්‍රිකට් සඳහා නිවහනක් ඇති බවට සහතික කිරීමට සහයෝගය දැක්වීමට ලැබීම ගැන සතුටුයි. ඒ වගේම සෑම වසරකම අප සමඟ විස්සයි විස්ස තරගාවලියකට එකඟ වීම ගැන අපි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයට ස්තුතිය පුද කරනවා. ඒක අපේ ක්‍රිකට් වර්ධනයට විශාල අත්වැලක් වෙයි,” යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනා.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<