වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින සාම්ප්‍රදායික තරග කිහිපයක් අද (4) කොළඹ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙදින තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීයන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
එහි දී සදීෂ රාජපක්ෂ ලකුණු 166ක් ලබාගෙන රාජකීය පළමු ඉනිම ලකුණු 404/6ක් දක්වා ඔසවා තැබීමට සමත් වුනා. ඊට අමතරව ඔවුන්ගේ ආරම්භක වමත් පිතිකරු සිනෙත් ජයවර්ධන (ලකුණු 95) සහ දසිස් මංචනායක (ලකුණු 67) අර්ධ ශතක ලබාගෙන සදීෂට සහය වුනා.
පන්දු 144ක දී වාර්තා වුනු සදීෂගේ ඉනිමට 4 පහර 25ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනු අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 115.28ක් වැනි ඉහළ මට්ටමක පැවතුනා.
රාජකීය පළමු ඉනිම අත්හිටුවීමට පසුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන ආනන්ද විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබාගෙන හොඳ සිය ඉනිමට හොඳ ස්ථාවරත්වයක් ගොඩනංවාගෙන තිබුණා.
- දුශාන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා Mode ඉංජිනියරින්ට පෙරළිකාර ජයක්
- CSK නායකත්වය Jadejaගෙන් නැවතත් Dhoniට
- කොදෙව්වන්ට නව නායකයෙක්
- සම්පත් බැංකු, ජෝන් කීල්ස් සහ CDB ජයග්‍රහණ අතරට
- නිපන්දු ගැටලු අවම කරගන්න මහේලගෙන් යෝජනාවක්
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයේ පළමු දිනය අවසන් වන විට, දිනයේ වැඩි වාසිය සහ වැඩි ගෞරවය දිනා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වුනා.
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන ඉනිම ලකුණු 87කට සීමා කිරීමට දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක මිහිරු දනංජය සහ උනෙත් පීරිස් ඇතුළු වේල්ස් කුමර පන්දු යවන්නන් සමත් වුනා.
උනෙත් ලබා ගත් සටන්කාමී ලකුණු 53 නිසා පළමු දිනයේ නිමාව සටහන් වන විට වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 186ක් ලබාගෙන සිටියේ ඉසිපතන පළමු ඉනිමට වඩා ලකුණු 99ක වාසියක් ලබාගෙනයි. ආරම්භක පිතිකරු නායක තරිඳු අමරසිංහ ලකුණු 45කට දැවී ගියා.
රාජකීය විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය
- කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය
- ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය
රාජකීය විද්‍යාල පළමු ඉනිම – 404/6d (65): සදීෂ රාජපක්ෂ 166, සිනෙත් ජයවර්ධන 95, දසිස් මංචනායක 67, ලහිරු ගන්ගේවත්ත 32*, ශක්ති උදාර 3/82.
ආනන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 103/1 (25): නුශාල් ධර්මරත්න 41, ඉරුත් ගිම්ශාන් 35*.
ඉසිපතන විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය
- කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය
- ක්‍රීඩාංගණය – වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණය
ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 87 (28): රන්දුනු ගංගානාත් 41*, මිහිරු දනංජය 5/31, උනෙත් පීරිස් 2/20
වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 186/9 (59): උනෙත් පීරිස් 53, තරිඳු අමරසිංහ 45, අශේන් ශානක 23, රන්දුනු ගංගානාත් 4/22.
පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග දෙක හෙට (5) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<