වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික තරග කිහිපයක් අද (29) ක්‍රියාත්මක වුනා.
ආචාර්ය O.L.F සේනාරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 93 වැනි රාජකීය – වේල්ස් කුමර දෙදින සාම්ප්‍රදායික තරගයේ පළමු දිනයේ දී කණ්ඩායම් දෙකෙන්ම කරට කර ක්‍රීඩා විලාශයක් දැක ගැනීමට හැකියාව ලැබුණා.
කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 198ක් ලබා ගත් අතර රාජකීය ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන වේගවත් ආරම්භයක් ලබා දෙමින් ලකුණු 83ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී 15 හැවිරිදි දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 36කට කඩුලු 4ක් දවා ගන්නා විට, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන වේල්ස් කුමර විද්‍යාලය අයහපත් ආලෝක තත්වය නිසා පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 71ක් ලබාගෙන සිටියා.
- අතපත්තු සහ ප්‍රබෝධනී ඩුබායි නුවරට
- ශ්‍රී ලං ක්‍රිකට් පුහුණුකරුවන් අතරට අලුත් නම් කිහිපයක්
- රාජකීයයේ අභියෝගය තරිඳුගේ පිත්තෙන් මෙල්ල වෙයි
- රොෂේන්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන අවසන්?
- ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක්
වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වෙස්ලි – ත්‍රිත්ව තරගයේ පළමු දිනය අවසන් වන විට, පළමු ඉනිම ක්‍රීඩා කරන ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 325ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවුනා.
එහි දී ත්‍රිත්ව නායක සහ කඩුලු රකින පිතිකරු අක්‍රම් මුතාලිබ් නොදැවී ලකුණු 88*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරු සුපුන් වඩුගේ ලකුණු 71කට දැවී ගියා.
හලාවත සාන්ත මරියා විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර පැවැත්වෙන 11 වැනි සහෝදරයින්ගේ සටන මහා එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් වුනා.
කෞශාන් විජේරත්නගේ පන්දු යැවීම හමුවේ සාන්ත මරියා විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 87ක් පමණයි. ධනුක නිර්මාල් කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පන්දුවාර 21කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබාගෙන මේ තරගය ජය ගත්තා. සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මේ එක්දින තරග ජය ලබා ගත්තේ නොකඩවා තෙවැනි වරටයි.
රාජකීය විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය
- කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය
- ක්‍රීඩාංගණය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
රාජකීය විද්‍යාල පළමු ඉනිම – 198 (51.3): සිනෙත් ජයවර්ධන 83, උවිඳු වීරසේකර 40, දමිත් කප්පාගොඩ 30, ප්‍රින්ස් ප්‍රනාන්දු 4/36, උනෙත් පීරිස් 3/49.
වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 71/4 (38): සුවහස් ප්‍රනාන්දු 27
ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
- කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
- ක්‍රීඩාංගණය – වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණය
ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 325/6 (87): අක්‍රම් මුතාලිබ් 88*, සුපුන් වඩුගේ 71, විදුක ධම්මගේ 46, විභාවිත් ඇහැලේපොල 45*, රහල් අමරසිංහ 32, චමත් ගොමෙල් 2/79
හලාවත සාන්ත මරියා විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 11 වන සහෝදර සටන
- කාසියේ වාසිය – හලාවත සාන්ත මරියා විද්‍යාලය
- ක්‍රීඩාංගණය – කදිරාන
හලාවත සාන්ත මරියා විද්‍යාලය – 87 (32.4): ශවීන් වීරසූරිය 25, කෞශාන් විජේරත්න 4/20, ධනුක නිර්මාල් 3/10, මෙනුෂ පෙරේරා 2/18
වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 88/4 (21.5): චමත් යශෝර 22, ශෙනොල් අප්පුහාමි 3/39
සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<