වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරග දෙකක් අද (7) ක්‍රියාත්මක වුනා.
කොළඹ මහානාම විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර පැවති තරගයේ දී කවිඳු අමාමෙත් මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනිම් දෙකේ දී ම ශතක සමඟ ලකුණු 126 බැගින් ලබාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූවා.
මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 363ට පිළිතුරු ලෙස කඳාන ද මැසනොඩ් විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 150ක් පමණයි. එහි දී නේෂන් ඩයස් ලකුණු 65ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට චාමික හීනටිගල කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.
ලකුණු 213ක පළමු ඉනිමේ වාසියක් අතැතිව දෙවැනි ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය තරගයේ අවසන් දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 323ක් ලබා ගත්තා.
ඉනුක කරන්නාගොඩ, ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක අංජල බණ්ඩාර, රශ්මික පෙරේරා, ඉනුක කරන්නාගොඩ සහ කූජන පෙරේරා යන ක්‍රීඩකයින් මේ තරගයේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන තුෂාන් උදයංග ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට කඩුලු 5ක් දවා ගත්තා.
- EUSC T10 Bash ක්‍රිකට් තරගාවලිය මෙවරත්
- ආනන්දය පරාජය කළ ත්‍රිත්ව විද්‍යාලයට විශිෂ්ට ජයක්
- මහින්දයේ පන්දු යැවීම හමුවේ සාන්ත පීතරයින් අසරණ වෙයි
- මොරටුවේ අරටුවක් ලයන්ස්වරුන්ට තරු පෙන්වයි!
- මහේල ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සහය පළ කරයි!
මරදාන ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මහින්ද – ආනන්ද තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු ඉනිම දියත් කරන මහින්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 142ක් ලබාගෙන තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට හැකි මට්ටමකට පැමිණ සිටියා.
මහින්ද විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය සිය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 159ක් පමණයි. අයේෂ් ශෂීමාල් අංක 8 පිතිකරු ලෙස ලකුණු 42ක් ලබාගෙන එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ධනුජ ඉඳුවර ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තා.
මහානාම විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය
මහානාම විද්‍යාලය – 363 (92.1): කවිඳු අමාමෙත් 126, ඉනුක කරන්නාගොඩ 75, රශ්මික පෙරේරා 52, කවිඳු කෞශල්‍ය 4/97, තුෂාන් උදයංග 3/64, සිතුම් ප්‍රනාන්දු 3/71 & 323/3 (54): කවිඳු අමාමෙත් 126, අංජල බණ්ඩාර 84, කූජන පෙරේරා 55, තුෂාන් උදයංග 2/55
ද මැසනොඩ් විද්‍යාලය – 150 (49): නෙශාන් ඩයස් 65, ශෙවාන් මෙනූශ 25*, චාමික හීනටිගල 4/12, ඉනුක කරන්නාගොඩ 2/26, රශ්මික පෙරේරා 2/29.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් – මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය
ආනන්ද විද්‍යාලය – 159 (53.1): අයේෂ් ශශීමාල් 42, ධනුජ ඉඳුවර 5/33, අරෝෂ උදයංග 2/18, තරුෂ ඩිල්ශාන් 2/37
මහින්ද විද්‍යාලය – 142/5 (44): හිරුන ගාල්ලගේ 38*, හරීන් අචින්ත 36, අශිංස නයිනායක 4/40, අයේෂ් ශෂීමාල් 1/42
පළමු දිනය අවසන්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<