වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරග දෙකක් අද (23) කොළඹ දී ක්‍රියාත්මක වුනා.
සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර පැවති දෙදින ක්‍රිකට් තරගයේ පළමු දිනය තුළ සාන්ත පීතර මුල්පෙළ පිතිකරු රුසඳ ගමගේ ලකුණු 170ක් රැස්කර ගැනීමට සමත් වෙමින් ආනන්ද විද්‍යාලයට එරෙහිව සුපිරි ශතකයක් වාර්තා කළා. පන්දු 184ක් තුළ වාර්තා වුනු එම ලකුණු 170ට 4 පහර 21ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.
ඒ නිසාවෙන් සාන්ත පීතර විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් ලබාගෙන සිටියේ තරගය තුළ ඉතාමත් හොඳ ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කරගෙනයි. පන්දු යැවීමේ දී සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක ඉසුරු අයේෂ් ලකුණු 64කට කඩුලු 4ක් දවා ගත්තා.
- නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය ක්‍රිකට් පිටිය ද ජය ගනී
- ආනන්ද – සාන්ත තෝමස් සටන ජය පැරදුමෙන් තොරයි
- මංගල ශූරතාවය දිනූ මාතර අනුර ක්‍රීඩිකාවෝ
- ක්‍රිකට් එකළු කළ දැකුම්කළු කළු!
- WATCH – මංගල තරගවල දී සුපිරි දස්කම් පෑ ඇතුගල්පුර තරුව – Chamindu Wickramasinghe | Powerplay
BRC ක්‍රීඩාංගණයේ දී පැවති ඉසිපතන – ලුම්බිණි දෙදින තරගයේ පළමු දිනය තුළ කඩුලු 16ක් බිඳ වැටීම කැපී පෙනුණා. කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 131කට සීමා කිරීමට යෙසිත් කළුපහන සහ වේගපන්දු යවන කෙවින් සැමුවෙල් ඇතුළු ඉසිපතන පන්දු යවන්නන් සමත් වුනා.
සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ ඉසිපතන කණ්ඩායමට ද ලුම්බිණි පන්දු යවන්නන් හමුවේ පහසුවෙන් ලකුණු රැස්කර ගැනීමට නොහැකි වුනු අතර දිනයේ නිමාව සටහන් වන විට ලකුණු 94කට කඩුලු 6ක් බිඳ වැටුණා. එම කඩුලු 6න් කඩුලු 3ක් දවා ගත්තේ දුමිඳු සෙව්මිණ විසිනුයි.
සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය – 350/7 (81):රුසඳ ගමගේ 170, කවික ජයසුන්දර 58, චමිඳු පෙරේරා 31, ඉසුරු අයේෂ් 4/64.
ලුම්බිණි විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
ලුම්බිණි විද්‍යාලය – 131 (51.5): පසිඳු මහීෂ 34, යෙසිත් කළුපහන 3/16, කෙවින් සැමුවෙල් 3/33, සිතුක ගුණවර්ධන 2/19.
ඉසිපතන විද්‍යාලය – 94/6 (27): තරුෂික අශෙල් 32, දුමිඳු සෙව්මිණ 3/28, මලිත් බිම්සර 2/35.
පළමු දිනයට ක්‍රියාත්මක වුනු මේ තරග සියල්ලම හෙට (24) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<