පාසල් ක්‍රිකට් පිටියේ මෙම වසර තුල ඉහළ දස්කම් දැක්වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාසල් ඇගයීම සඳහා පවත්වන පාසල් ක්‍රිකට් සම්මාන උළෙල අද (17) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.
මෙවර වසරේ පාසල් ක්‍රීඩකයාට හිමි සම්මානය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක ශෙවෝන් ඩැනියල් විසින් දිනා ගැනීමට සමත් වූ අතර වසරේ පාසල් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නයි.
පාසල් ක්‍රිකට් පිටිය තුළ පසුගිය වසර කිහිපයේ ඉතා කැපී පෙනෙන ප්‍රහාරත්මක පිතිකරුවෙකු වූ ශෙවෝන් ඩැනියල් පසුගිය වසර තුළ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල කණ්ඩායම ද නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ ද දස්කම් දැක්වීමට සමත් වුනා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ වඩාත් කතාබහට ලක් වන ක්‍රීඩිකාවක් වන විශ්මි පාසල් ක්‍රිකට් පිටියෙන් පිටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද ඉතා ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක් වීම ද විශේෂත්වයක්.
- ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට
- 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට වරම්
- කුසල් සහ සදීර ශතක රැස් කිරිමෙන් ඉනික්බිතිව
- “නායකත්වය නිසා පිතිකරණය වෙනස් වෙන්නේ නැහැ” – කුසල් මෙන්ඩිස්
මෙවර සම්මාන උළෙලේ දක්ෂතම පිතිකරුවා ලෙස ද ශෙවෝන් ඩැනියල් අභිෂේක ලැබූ අතර දක්ෂතම පිතිකාරිණිය ලෙස සම්මාන දිනා ගත්තේ විශ්මි ගුණරත්නයි.
>>Photos – SLC & SLSCA U19 Schools Cricket Awards Ceremony 2023<<
2022/2023 පාසල් ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ දිනුර කලුපහන සම්මාන දිනා ගත් අතර දක්ෂතම පන්දු රකින්නා සම්මානය හිමි වුනේ පානදුර සුමංගල විද්‍යාලයේ විශ්ව ලහිරු හටයි.
මෙම වසරේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දෙව්මි විහංසා සම්මාන දිනා ගත් අතර දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ද ඇයට හැකි වුනා.
දෙව්මි නිමා වූ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඇය එහි දී තරගාවලියේ කණ්ඩායමට ද ඇතුළත් වුනා.
බාලිකා අංශයේ දක්ෂතම පන්දු රකින්නිය ලෙස අභිෂේක ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සුමුදු නිසංසලාට හැකි වුනා.
>> සියලු සම්මාන දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාසල් ලැයිස්තුව <<
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<