අගනා ඉණිම් කිහිපයක්ම ජය පරාජයෙන් කෙලවර වේ

510
U19 Schools Cricket

ට්‍රිවෝන් පර්සිවල්ගේ ශතක ඉණිම හා රොමේෂ් නල්ලප්පෙරුමගේ අර්ධ ශතකය,  ත්‍රිත්ව විද්‍යාලයට හා සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණ හිමිකර දීමට සමත් විය. එයට අමතරව පවිත් රත්නායකගේ (5/56) දස්කම් ද මෙම ජයග්‍රහණ සඳහා සාන්ත තෝමස් විද්‍යාලයට විශාල පිටුවහලක් විය.

පසුගිය ලිපි: තිලාන් හා නමුශ්කගෙන් විශිෂ්ඨ දස්කම්!

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරගයක් ලෙසින් ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (05) උදෑසන ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ලබාගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය, එක් කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටි අතර එසේ සටහන්ව තිබූ ඉණිම ලකුණු 348ක් දක්වා විශිෂ්ඨ තලයකට ගෙන ඒමට ට්‍රිවෝන් පර්සිවල්ගේ ලකුණු 100* විශාල පිටිවහලක් විය. බනුගොබන්, පර්සිවල් සමඟින් එක්ව ලකුණු 80ක් තම විද්‍යාලයේ ලකුණු පුවරුවට එකතු කරන ලදී. රවිශ්ක විජේසිරි කඩුලු 4ක් දවාලන ලදි.

අනතුරුව ලකුණු 125ක අවාසියක් ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් චාමිකර හේවගේ ලකුණු 37*ක් ලබා ගන්නා ලදී.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 67.5): චාමිකර හේවාගේ 57, අවිදු තීක්ෂණ 56, ආධිත්‍යය සිරිවර්ධන 31, විමුක්ති නෙතුමල් 5/55

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 8ක් දැවී ලකුණු 348 dec (පන්දුවාර 102): ට්‍රිවෝන් පර්සිවල් 100*, පී.බනුගොබන් 80,  හසින්ත ජයසූරිය 39, රවිශ්ක විජේසිරි 4/124

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 55 (පන්දුවාර 19): චාමිකර හේවගේ 37*, ශැනොගීත් ශන්මුගනාතන් 2/03


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

ඊයේ (05) එස්.එස්.සී පිටියේදී ආරම්භ වූ අනෙක් තරගයේ කාසියේ වාසිය දිනාගත් නාලන්ද විද්‍යාලය, පළමුව පන්දුවට පහරදීමට සාන්ත තෝමස් විද්‍යාලයට ඇරයුම් කරන ලදී. මෙම තරඟයෙන් සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිමේ ජයක් වාර්තා කරන ලදි.

තරගයේ දෙවන  දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි නාලන්ද විද්‍යාලය, කඩුලු 3ක් දැවී ලකුණු 76ක් ලබාගෙන සිටි අතර තුන් ඉරියව් දස්කම් දක්වමින් ලක්ෂිත රසාංජන ලකුණු 84ක් ලබාගන්නා ලදි. පවිත් රත්නායක නාලන්ද විද්‍යාලයේ කඩුලු 5ක් දවාලමින් පළමු ඉණිමේ ජයග්‍රහණය තම විද්‍යාලයට ඉක්මනින් ලගාකර දෙන ලදි.

ලකුණු 97ක වාසියක් ඇතිව දෙවන ඉණිම දියත් කල තෝමස් ක්‍රීඩකයින් තම ඉණිම ලකුණු 131කදී අත්හිටුවා, නාලන්ද විද්‍යාලයට දෙවන ඉණිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදුනි. සාන්ත තෝමස් දෙවන ඉණිමට ලකුණු 55ක් එක්කිරීමට රවිදු කොඩිතුවක්කු සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 74): රොමේෂ් නල්ලප්පෙරුම 73, ඩිනුර ගුණවර්ධන 63,මන්තිල විජේරත්න 31, ලසිත රසාංජන 6/76

නාලන්‍ෙ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 55.5): ලක්ෂිත රසාංජන 84, කලණ පෙරේරා 29, පවිත් රත්නායක 5/56

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම –  කඩුලු 5ක් දැවී ලකුණු 131 dec (පන්දුවාර 41): රවිදු කොඩිතුවක්කු 55, ලක්ෂිත රසාංජන  4/13

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 91 (පන්දුවාර 24): අවිශ්ක පෙරේරා  33*, සචින්ත සුභසිංහ 22*, කසුන් සඳරුවන් 21, පවිත් රත්නායක 2/25


කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය අද (06) සාන්ත අන්තෝනි විදුහල් පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 95යි.

රාජකීය විද්‍යාලයට ප්‍රතිවාදී තණතීරුවේ ස්වභාවය මනාව තේරුම් ගැනීමට අපහසුවන ලෙස පන්දු යැවීමට සාන්ත අන්තෝනි පන්දු යවන්නන් සමත් විය. නමුත් රාජකීය විද්‍යාලය වෙනුවෙන් තෙවිදු සේනාරත්න ලකුණු 33ක් ලබාගෙන ලකුණු 190ක් දක්වා තම විද්‍යාලයේ ඉණිම ගොඩනංවන ලදී. සඳරුවන් ධර්මරත්න ලකුණු 57කට කඩුලු 4ක් දවාලමින් සාන්ත අන්තෝනි විද්‍යාලයට තිබූ පීඩනය අවම කරන ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 190  (පන්දුවාර 56.3): තෙවිදු සේනාරත්න 33, කවිදු මදුරංසිංහ 32, පසිදු සූරියබණ්ඩාර 30 , ගයාන් දිසානායක 26, සඳරැවන් ධර්මරත්න 4/57, විරාජිත් ජයසිංහ  3/35

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 95 (පන්දුවාර 38): සුනෙර ජයසිංහ 46*

සාන්ත අන්තෝනි විද්‍යාලය රාජකීය විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 95ක් පසුපසින් පසුවෙයි.


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මලියදේව විද්‍යාලයේ පිටියේදී අද (06) ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය සාන්ත අන්තෝනි විද්‍යාලය හිමිකර ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදෙන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ආනා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 46යි.

පළමු ඉණිම දියත් කල සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක තරිදු මනරම් පහර රැසක්ම සමඟින් ලකුණු 63ක් ලබා ගැනීමට සමත් විය. ජොයෙල් පින්ටෝ ලකුණු 39ක් ලබාගෙන එම සබඳතාවය සවිමත් කරවිය. පුබුදු ගනේගම හා පියුමාල් සිංහවංශ කඩුලු 4 බැගින් දවාලූහ.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 75.4): අවිශ්ක තරිදු 63, ජොයෙල් පින්ටෝ 39, යසිදු රවීන් 30, පුබුදු ගනේගම 4/65, පියුමාල් සිංහවංශ 4/47

සාන්ත ආනා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 46 (පන්දුවාර 17): වනිත වන්නිනායක 25*

සාන්ත ආනා විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 130ක් පසුපසින් පසුවෙයි

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට