වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (06) දිනයේ ක්‍රියාත්මක විය. ඒ අතරින් නිමා වූ තරගයෙන් ලකුණු 83 ක ජයක් හිමිකර ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. එහිදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය යි.
මොරටු විද්‍යාලය සහ නාලන්දාවට වැඩි වාසිය
වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…
දෙවන දිනයට පැවති තරගය
රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය
සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 83 ක ජයක් හිමිකර ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.
කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඇරයුමින් පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි රාජකීය විද්‍යාලය මෙම තරගයේ එක් ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් ලකුණු 157 ක් රැස්කර ගත්හ. එහිදී නායක තෙවිඳු සේනාරත්න අර්ධ ශතක ඉනිමක් දියත් කළේය.
අනතුරුව සිය පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත අන්තෝනි විද්‍යාල පිතිකරුවන් රාජකීය පන්දු යවන්නන් හමුවේ අසරණ වූ අතර එහිදී ගිශාන් බාලසූරිය කඩුලු 5 ක් දවා ගන්නා විට ප්‍රශාන් කල්හාර සහ ලහිරු මධුසංක යන ක්‍රීඩකයින් පිළිවෙළින් කඩුලු 3 ක් සහ කඩුලු 2 ක් දවා ගත්හ. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 85 කට සීමා වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රභාත් සචින් ලකුණු 32 ක් වාර්තා කරගත්තේය.
Photos: Royal College v St.Anthony’s College | U19 Cricket Tournament 2019/20
ලකුණු 72 ක පළමු ඉනිමේ වාසිය අතැතිව රාජකීය විද්‍යාල දෙවන ඉනිම නොසිතූ ලෙස බිඳ වැටුණු නමුත්, තිතිර වීරසිංහ රැස්කර ගත් ලකුණු 59 නිසාවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 158 ඉලක්කයක් ලබා දීමට රාජකීය විද්‍යාලයට අවස්ථාව උදා විය. කෙසේ නමුත් එම ඉනිම තුළදී සාන්ත අන්තෝනි විද්‍යාලයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 74 ක් පමණි.
මෙම තරගය පුරාවට පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ රාජකීය විද්‍යාලයේ ගිශාන් බාලසූරිය කඩුලු 9 ක් දවා ගන්නා විට, සාන්ත අන්තෝනි විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන ගිහාන් ඊබර්ට් රාජකීය දෙවන ඉනිමේ කඩුලු 8 ක් දවා ගත්තේය.
රාජකීය විද්‍යාලය : 157 (63.5) තෙවිඳු සේනාරත්න 56, කෞශාන් කුලසූරිය 24, නිම්නක ජයතිලක 5/32. සහ 85 (33.3) තිතිර වීරසිංහ 59, ගිහාන් ඊබර්ට් 8/39.
සාන්ත අන්තෝනි විද්‍යාලය : 85 (35.4) ප්‍රභාත් සචින් 32, ගිශාන් බාලසූරිය 5/23, ප්‍රශාන් කල්හාර 2/05, ලහිරු මධුසංක 2/20. සහ 74 (39.3) ගිශාන් බාලසූරිය 4/16, ප්‍රශාන් කල්හාර 3/26, සොනාල් අමරසේකර 3/20.
රාජකීය විද්‍යාලයට ලකුණු 83 ක ජයක් හිමි විය.
පළමු දිනයට පැවති තරග
ආනන්ද විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය
අතපත්තු – හලංගොඩ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාල නායකයා එස්. එස්. සී. පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි.
ආනන්ද විද්‍යාලය : 94 (31.4) කනිෂ්ක රන්තිලකගේ 40, යසිරු රොද්‍රිගෝ 6/08, දිල්මින් රත්නායක 3/20.
සාන්ත තෝමස් විද්‍යාලය : 190 (41.1) ශලින් ද මෙල් 50, රයන් ප්‍රනාන්දු 48, අනුක් පලිහවඩන 23, සවිරු බණ්ඩාර 5/42, ඉසුරු අයේෂ් 3/60.
19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්
ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි …
මහානාම විද්‍යාලය සහ සහිරා විද්‍යාලය
සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක මහානාම විද්‍යාලය යි. තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වේ.
Photos: Mahanama College v Zahira College | U19 Cricket Tournament 2019/20
මහානාම විද්‍යාලය : 346/9d (89.1) පවන්ත වීරසිංහ 118, පුල්ශාන් රොහාන් 84, සදිශාන් චමෝද්‍ය 33, කුජන පෙරේරා 30, විනුක රූබසිංහ 25, අදීල් ඉස්ම්රි 2/22, මහදි නමීස් 2/44, ඉම්තියාස් ස්ලාසා 2/90.
සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 3/0 (3)
මලියදේව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය වූ මෙම තරගය මලියදේව පිටියේ දී ක්‍රියාත්මක වේ. කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 355 ක් රැස්කර ගෙන ඉනිම අත්හිටුවන ලදි.
ඉසිපතන විද්‍යාලය : 355/9d (87.4) ලෙශාන් අමරසිංහ 159, සවිඳු උත්සර 90, තිවංක කත්‍රිආරච්චි 33, තෙවිඳු දික්වැල්ල 21, මතීෂ වීරසිංහ 3/67, තිමිර චන්ද්‍රසේන 2/46, හසිඳු රුවන්පුර 2/54.
මලියදේව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 17/0 (8)
සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී පැවැත්වෙන මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.
සාන්ත ජෝසප් විද්‍යාලය : 197 (70.5) සදීෂ ජයවර්ධන 81, හිරාන් ජයසුන්දර 52, කලන සංදීප 8/43.
සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 78/1 (22) දුනිත් ජයතුංග 36*, සුකිත ප්‍රසන්න 32*.
අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!
අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙරළි කරමින් තිබූ…
ගුරුකුල විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
C කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන තර්ස්ටන් විද්‍යාලය කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් රැස්කර ගෙන සිටියි. කාසියේ වාසිය ජයග්‍රහණය කළේ තර්ස්ටන් විද්‍යාලය යි.
Photos: Thurstan College vs Gurukula College | U19 Cricket Tournament 2019/20
ගුරුකුල විද්‍යාලය : 199 (53) ප්‍රවීන් නිමේෂ් 52, කෙමිර නයනතරු 47, රශ්මික මෙවන් 39, යොහාන් ලියනගේ 4/79, පුනිතිලා සමන්කුමාර 3/36, හිරුජිත් රසාංජන 2/30.
තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 158/7 (40) සනුත් නන්දිනු 40, රනේෂ් සිල්වා 25, බවන්ත ජයසිංහ 24, ජනිත් ෂෙහාන් 2/19, තුෂාර මධුශාන් 2/33, රිෂිත සංකල්ප 2/35.
අද දින ආරම්භ වූ තරග හෙට (07) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<