මහානාම විද්‍යාලයෙන් යෝධ ලකුණු පුවරුවක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

248

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව  ශතකය වාර්තා වූ තරගයේ දී ලකුණු 500 ඉක්මවා ලකුණක් වාර්තා කරගනිමින් ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ඉතිහාසය අලුත් කිරීමට මහානාම විද්‍යාල ක්‍රීඩකයින් අද (27) සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු………….

කොළඹ මහානාම විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය 

බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාල නායක පවන්ත වීරසිංහ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔහු ලබාගත් ලකුණු 226 මෙවර තරග වාරය තුල ක්‍රීඩකයෙක් ලබා ගත් පළමු ද්විත්ව ශතකය විය. 

ඊට අමතරව පවන් රත්නායක ශතකයක් ද විනුක රූබසිංහ අර්ධ ශතකයක් ද වාර්තා කරගනිමින් මෙවැනි ආකාරයක දැවැන්ත සහ යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට මහානාම විද්‍යාලයට සවියක් විය.

C කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ සිය පළමු ඉනිම දියත් කළ මලියදේව පළමු ඉනිම ලකුණු 102කට සීමා කර ගැනීමට දෙවිඳු කැකිරදෙනිය ඇතුළු මහානාම විද්‍යාලය පන්දු යවන්න සමත් විය. නමුත් මලියදේව විද්‍යාලය ඔවුන්ගේ දෙවන ඉනිම තුල යම් මට්ටමකින් හිස එසවීමටට සමත් වූ නිසාවෙන් පූර්ණ ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලයට නොහැකි විය. 

පන්දු යැවීමේ දී දෙවිඳු කැකිරදෙනිය පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4ක් සමඟ කඩුලු 9ක් දවා ගත්තේය. අවසානයේ තරගය නිමා වූයේ මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකරදෙමිනි. 

මහානාම විද්‍යාලය – 502/4d (83) පවන්ත වීරසිංහ 226, පවන් රත්නායක 137,  විනුක රූබසිංහ 56, පුල්ශාන් රොහාන් 39, හසිඳු රුවන්පුර 3/129.

මලියදේව විද්‍යාලය – 102 (46.4) මුදිත ප්‍රේමදාස 33, දෙවිඳු කැකිරදෙනිය 5/20, නිසල් ආකාශ් 3/46. සහ (F/O) 208/5 (56) මතීෂ වීරසිංහ 99,  ගයන වීරසිංහ 46, දෙවිඳු කැකිරදෙනිය 4/45

පාකිස්තානය වේලාසනින්ම තරගාවලිය ජය ගනී

බාබර් අසාම් සහ මොහොමඩ් හෆීස්ගේ දක්ෂ පිතිහරඹයන් සමඟින් නිමා වූ පාකිස්තාන – බංග්ලාදේශ දෙවැනි විස්සයි……………

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

මහින්ද විද්‍යාලය – 225 (82.2) කෞෂිත කොඩිතුවක්කු 68, සඳෙව් ඉඳුවර 33, දුල්මිණ දසුන් 3/58.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 24/2 (9.1) 


කොළඹ රාජකීය විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

රාජකීය විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

රාජකීය විද්‍යාලය – 320/7d (85) කවිදු පතිරණ 69*, ප්‍රශාන් කල්හාර  68*, කවිඳු මදාරසිංහ 50, සිතිර වීරසිංහ 33, තිලින පෙරේරා 3/111.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 31/1 (11.3): 

පළමු දිනය වෙනුවෙන් පැවති තරග හෙට දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<