හරීන් බුද්ධිල සර්වේසස් විද්‍යාලයේ කඩුලු 7ක් සොරාගනියි

461
U19 Schools Cricke

අද (27) පැවැති සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙක අතුරෙන්, ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: කවිදුගේ පිත්ත මහින්දයට සවියක් වෙයි

ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ කෝල්ට්ස් පිටියේදී ඊයේ (26) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. මෙම තරඟයෙන් ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.

පළමු දිනය අවසානයේ ලුම්බිණි විද්‍යාලය  තම පළමු ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ලබා සිටි අතර එතැන් සිට ලුම්බිණි පළමු ඉණිම ගොඩනැංවූ කනිෂ්ක මදුවන්ත ලකුණු 48ක් ලබා ගත් අතර, රවිදු සංජීව හා තානුක දාබරේ ලකුණු 29ක් බැගින් ලබාගෙන කණිෂ්ක මදුවන්ත සමඟින් ලකුණු 191ක් දක්වා තම ඉණිම රැගෙන යන ලදි. එම පිතිකරණය නිසාවෙන් ලුම්බිණි විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නට හැකිවිය. කවිදු එදිවීර ලකුණු 75කට කඩුලු 3ක් දවාලමින් මහින්ද විද්‍යාලයට සවිය විනි.

අනතුරුව තම දෙවන ඉණිම දියත් කල මහින්ද විද්‍යාලය තරඟය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබාගෙන සිටි අතර, එවන් ලකුණක් ලබා ගැනීමට නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 33ක් හා රිශාන් කාවින්ද ලකුණු 23ක් වාර්තා කරන ලදි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 87.1): කවිදු එදිරිවීර 68, කේ. කේ. කෙවින් 27, රුවින් පීරිස් 3/15, විමුක්ති කුලතුංග 3/56, කනිෂ්ක මදුවන්ත 2/27

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 65.2): කණිෂ්ක මදුවන්ත 48, රවිදු සංජීව 29, තානුක දාබරේ 29, කවීන් පීරිස් 20, කවිදු එදිවීර 3/75, ප්‍රනීත් හංසික 2/19

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 58 (පන්දුවාර 23): නවෝද් පරණවිතාන නොදැවී 33, රිශාන් කාවින්ද 23


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය අද (27) මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය ජයග්‍රහණය කල ගාල්ල ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට සාන්ත සර්වේසස් විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය තම දෙවන ඉණිමට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබාගෙන සිටි අතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් සුපුන් කවිදු ලකුණු 45ක් ලබාගෙන එක් අන්තයක් සවිමත් කරද්දී, අනෙක් අන්තයෙන් සඳරු නෙත්මින ලකුණු 31ක් වාර්තා කරන්නට සමත් විය. අවසානයේ සර්වේසස් විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 123කට සීමාකරවීමට හරීන් බුද්ධිල ඇතුළු ඇලෝසියස් පන්දු යවන්නන් සමත් විය. මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හරීන් බුද්ධිල ලකුණු 26කට කඩුලු 7ක් දවාගන්නා ලදි.

අනතුරුව තම පළමු ඉණිම දියත් කල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 222ක් ලබාගත් අතර, අශේන් බණ්ඩාර ලකුණු 126ක් ලබාගෙන සුපිරි ශතකයක් ඇලෝසියස් ලකුණු පුවරුවට එකතු කරන ලදි. සර්වේසස් විද්‍යාලයේ පළමු ඉණිමේ කඩුලු 7ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ හරීන් බුද්ධිල ලකුණු 25ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ශසීන් දුල්ෂාන් ලකුණු 42කට කඩුලු 3ක් දවාලන ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 31.5): සුපුන් කවිදු 45, සඳරු නෙත්මින 31, හරීන් බුද්ධිල 7/26, කවිශ්ක ඩිල්ශාන් 2/35

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 56): අශේන් බණ්ඩාර 126, හරීන් බුද්ධිල 25, ශසික දුල්ෂාන් 3/42, සඳරු නෙත්මින 2/35

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී) -කිසිවෙකු නොදැවී ලකුණු 4 (පන්දුවාර 5):

සාන්ත සර්වේසස් විද්‍යාලය ඇලෝසියස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 95ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට