මහනුවර ක්‍රීඩිකාවෝත් තෙවැනි ජය ලබයි

U19 Girls Sri Lanka Youth League 2024

113
U19 Girls Sri Lanka Youth League

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League ක්‍රිකට් තරගාවලියේ අද (11) අවසන් වූ Kandy U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගයෙන් Kandy කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

ඒ ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් තෙවැනි ජයග්‍රහණයයි.  

සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දවසේ දී ද තරග 2ක් නිමා වූ අතර එහි දී පස්වරුවේ පැවැති Galle U 19 Girls සහ Dambulla U 19 Girls කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් කළා. 

Kandy U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය 

කාසියේ වාසිය දිනා ගත් අගනුවර ක්‍රීඩිකායෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට සියලුම දෙනා දැවී ලකුණු 80ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.  

අගනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ එරන්දි වර්ණකුලසූරිය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

ඊට අමතර ව උමායා රත්නායක පන්දු 15ක දී ලකුණු 15ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී අසෙනි තලගුණේ ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ප්‍රමුධි මෙත්සරා සහ නිරාශා ගිම්හානි කඩුලු 2ක් බැගින් ද මිතාලි අයෝද්‍යා කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා අසෙනි තලගුණේ. ඇය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා. ඊට අමතර ව මිතාලි අයෝද්‍යා ද පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Colombo U 19 Girls – සියලුම දෙනා දැවී 80 (15.5) එරන්දි වර්ණකුලසූරිය 32, උමාය රත්නායක 15, ප්‍රමුධි මෙත්සරා 2/14, අසෙනි තලගුණේ 3/17, නිරාශා ගිම්හානි 2/18 

 

Kandy U 19 Girls – කඩුලු 5ක් දැවී 82 (17.2) හිරුණි දිසානායක 17, විමෝක්ෂා බාලසූරිය 17, අසෙනි තලගුණේ නොදැවී 18, මිතාලි අයෝද්‍යා නොදැවී 17, රශ්මිලා නිශාදි 2/14 

 

Kandy U 19 Girls කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

Galle U 19 Girls සහ Dambulla U 19 Girls අතර තරගය 

කාසියේ වාසිය දිනාගත් දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 16ක් ලබා ගත් අතර ඊට පසුව ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට සිදු වූයේ නැහැ.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Dambulla U 19 Girls – කඩුලු 2ක් දැවී 16 (6.0) ශයනි තෙන්නකෝන් නොදැවී 7, ශෙහාරා ඉඳුවරී 1/03 

 

තරගයේ විසඳුමක් නෑ.  

තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 13 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වෙනවා. ඒ අනුව ගාල්ල සහ මහනුවර අතර තරගය පෙරවරුවේ ද සහ කොළඹ සහ දඹුල්ල අතර තරගය පස්වරුවේ දී ද පැවැත්වීමට නියමිතයි.  

U 19 Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<