ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික Elite Rugby 7 තරගාවලිය අප්‍රේල් මස 20 සහ 21 යන දින වල දී පැවැත්වීමට නියමිතයි.
රාජකීය විද්‍යාලය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය සඳහා සාන්ත තෝමස්, ත්‍රිත්ව, ඩී.එස්. කිංග්ස්වුඩ්, සහිරා, සාන්ත අන්තෝනි, සාන්ත ජෝසප් සහ සාන්ත සිල්වෙස්තර වැනි ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් ම සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා තවත් ප්‍රධාන පාසල් 19ක සහභාගීත්වය තහවුරු කර ඇති අතර, එහි දී එම පාසල් මූලික වටයේ දී කාණ්ඩ 8ක් යටතේ තරග වැදීමට නියමිතයි.
- වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය පොලිසිය අතට
- ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් පූර්ව ස්ථාන හතර තහවුරුයි
- මහනුවර ආධිපත්‍යය බිඳ දැමූ CR & FC වසර 26කට පසුව රග්බි කිරුළ දිනයි!
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
මෙහි දී විද්‍යාලය දෙක බැගින් ඇතුළත් කාණ්ඩ 5ක් සහ විද්‍යාල තුන බැගින් ඇතුළත් කාණ්ඩ 3ක් බෙදා වෙන් කර තිබෙනවා.
A – ඉසිපතන විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
B – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, සුමංගල විද්‍යාලය
C – ධර්මරාජ විද්‍යාලය, ආනන්ද විද්‍යාලය
D – රාජකීය විද්‍යාලය, කේරි විද්‍යාලය, නාලන්දා විද්‍යාලය
E – විද්‍යා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය
F – පිළියන්දල මධ්‍ය විද්‍යාලය, සාන්ත ඇලෝශියස් විද්‍යාලය, රිසි පියරතන විද්‍යාලය
G – විද්‍යාර්ථ විද්‍යාලය, රාහුල විද්‍යාලය
H – සාන්ත පීතර විද්‍යාලය, මලියදේව විද්‍යාලය
2024 වසර සඳහා දේශීය පාසල් රග්බි පිටියේ ආරම්භය ද මේත් සමඟින් ම සිදු වනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.