ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අද (26) නිමා වෙද්දී තවත් තරග ත්‍රිත්වයක් ආරම්භ වුනා.
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය විසඳුමකින් තොරව නිමා වූ අතර එහි දී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.
පෙර දිනයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ විරාන් චමුදිත අද දවසේ දී ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක විශ්ව සුපුන් ද පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට නොදැවී එක් වුණ ලකුණු සංඛ්‍යාව 115ක්.
විරාන් චමුදිත ප්‍රතිවාදී ලුම්බිණි විද්‍යාලයීය කඩුලු 4 ද බිඳ හෙළිමට සමත් වෙනවා.
මේ අතර වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවැති සාම්ප්‍රදායික තරගයේ දී සත්කාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නායක ශෙහාර ප්‍රනාන්දු පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී 154ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව එම කණ්ඩායමේ හංස මිහිරංග ද අර්ධ ශතකයක් ලබා ගන්නා ලද අතර ප්‍රතිවාදී දේවපතිරාජ විද්‍යාලයේ ආරම්භක පිතිකරු දර්ශක සංදීප් ද අර්ධ ශතයක් වාර්තා කරනවා.
ඊට අමතර ව කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය විද්‍යාලයේ චමිත් සසෙන්ජන සහ සනුජ දිසානායක, කළුතර සිරි කුරුස විද්‍යාලයේ ෆිර්නාස් ජයිමාන් ද අද දවසේ දී අර්ධ ශතකලාභී පිතිකරුවන් බවට පත් වෙනවා.
පන්දු යැවීමේ දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ශෙහාන කුමාර කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.
තරගවල කෙටි ලකුණු පුවරුව
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී.
සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 114 (48.3) විශ්ව සුපුන් 23, විරාන් චමුදිත 53, කනිශ්ක රංගන 2/32, පසිඳු මහිෂ 2/13, ප්‍රවීන් මනීෂ 5/36
ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු සියලුම දෙනා දැවී 81 (30.0) ප්‍රවීන් මනීෂ 36, සංජු ඩිල්ශාන් 3/20, විරාන් චමුදිත 2/17, ප්‍රවීන් මදුශංක 2/13, රවීන් කවින්ත 2/04
සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 186 (53.0) විශ්ව සුපුන් 83, විරාන් චමුදිත නොදැවී 62, පසිඳු මහීෂ 2/57
ලුම්බිණි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 46 (20.0) දිනාල් සෙව්මිණ නොදැවී 14, විරාන් චමුදිත 2/22, රවීන් කවින්ත 4/22
තරගයේ විසඳුමක් නෑ.
- අපේක්ෂිත අරමුණු ඉටු නොවූ දවසක් නිමා වෙයි
- ප්‍රවීන් නැවතත් විශිෂ්ට පන්දු යැවීමක
- අඩු ලකුණුවලට සීමා වෙමින් තරග දෙකක් ඇරඹෙයි
- කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට විශිෂ්ට ජයක්
- තරග තුනක් ජය පැරදුමෙන් තොරව නිම වෙයි
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (43.5) චමිත් සසෙන්ජන 52, සනුජ දිසානායක නොදැවී 64, සදෙව් නෙත්මිණ 2/48, සහන්ජිත් සමදිත් 4/37, මානිත රාජපක්ෂ 4/35
මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (39.5) දිනෙත් පැහැසර 22, සහන්ජිත් සමදිත් 21, කෙවින් නානායක්කාර 2/24, යශ්මින් ජයසුන්දර 2/20, ශෙහාන් කුමාර 5/23
සාන්ත ආනා විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 1 (2.0)
කළුතර සිරි කුරුස විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය බණ්ඩාරගම පොදු ක්‍රීඩාංගණයේ දී.
සිරි කුරුස විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (67.0) සනුක චෙරාන් 44, ෆිර්නාස් ජයිමාන් 52, විහඟ ඔසින්ද 20, සිත්රු චමත්ක 21, මනුග ගුරුගේ 3/51, පෙසඳු සංජන 4/42
සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 87 (26.4) පුනාල් පමුදිත 21, සනුක චෙරාන් 3/26
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන්ස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 286 (81.0) ශෙහාර ප්‍රනාන්දු නොදැවී 154, හංස මිහිරංග 52, ආකර්ශ වර්ණකුලසූරිය නොදැවී 27, සඳරු මල්ශාන් 2/90, ගිම්හාන් රසාංජන 2/41
දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 126 (37.0) දර්ශක සංදීප් 60, අරෝෂ සිතුමිණ 34
මෙම තරග හෙට (27) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<