ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයක් අද (31) නිමාවට පත් වුනා.
මෙම තරගයේ දී කොළඹ ලුම්බිණි විද්‍යාලය විසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ලකුණු 21ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ (Tier B) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ පළමු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලය ලකුණු 74කට සියලු දෙනා දැවී ගිය අතර, ඔවුන් සිය දෙවන ඉනිම ආරම්භ කළේ තර්ස්ටන් විද්‍යාලයට වඩා ලකුණු 43ක් පිටුපසින් සිටිමිනුයි. එවන් වාතාවරණයක සිටි ලුම්බිණි විද්‍යාලය කෙසේ හෝ අද දිනය අවසන් වීමට ප්‍රථම තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මෙම තරගයේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් යොවුන් සිල්ප කඩුලු 6 දස්කමක් දක්වද්දී, විහස් තෙව්මික කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.
කෙසේ වෙතත් සිය දෙවන ඉනිමේ දී ලකුණු 163ක ඉලක්කයක් හඹා යමින් සිටි තර්ස්ටන් ඉනිම ලකුණු 141කට නතර කිරීමේ පෙරමුණ ගත් ලුම්බිණි ක්‍රීඩක ප්‍රවීන් මනීෂ දැක් වූ කඩුලු 5 දක්ෂතාව ඉහත දක්ෂතා සියල්ලට ඉහළින් කැපී පෙනුණු බව සඳහන් කළ හැකි.
තර්ස්ටන් දෙවන ඉනිම එක් මොහොතක කඩුලු 4ක් දැවී ලකුණු 119ක් ලෙස දිස් වූ අතර, මේ මොහොතේ පටන් ලකුණු 19ක් තුළ තර්ස්ටන් පිතිකරුවන් 5 දෙනෙකු දවා ගැනීමට ප්‍රවීන් විසින් සමත් වුනා.
මෙම තරගවාරයේ පිතිකරුවකු ලෙස ද විශිෂ්ට දස්කම් දක්වමින් සිටින ප්‍රවීන් මෙම තරගයේ දී පිත්තෙන් සාර්ථක නොවුණත් සිය පන්දු යැවීමෙන් කණ්ඩායමට උපරිමය ලබා දුන්නේ ඒ අයුරිනුයි.
මීට අමතරව ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් උශාන් සත්සර සහ නාහක ශහන් කෞශල්‍ය ද කඩුලු 4 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- මලියදේව දළ ඇතුන්ට එක්දින ශූරතාව
- නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි
- සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව ස්ථානය තහවුරු කර ගනී
- විශේන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
- සිනෙත්ගෙන් නායකත්වයේ ඉනිමක්
පළමු කොටසේ Tier B තරග
කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය
නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 30 – 31)
- කොළඹ ලුම්බිණි විද්‍යාලය – 74/10 (33.4) ශහන් කෞශල්‍ය 13, යොවුන් සිල්ප 6/33, විහස් තෙව්මික 2/6 & 205/9d (62) නබීල් රාජුදීන් 30, අශාන් ශනිල්ක 29, විහස් තෙව්මික 5/50, තනුග පලිහවඩන 2/49
- කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 117/10 (38.5) තනුජ රාජපක්ෂ 29, මුලිත ද කොස්තා 29, උශාන් සත්සර 4/13, ශහන් කෞශල්‍ය 4/21 & 141/10 (54.5) පැතුම් ධනංජය 53, තනුජ රාජපක්ෂ 29, ප්‍රවීන් මනීෂ 5/18, උශාන් සත්සර 2/43
කොළඹ ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<