තුන් ඉරියව් දක්ෂයින් කැපී පෙනුණු දවසක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

198

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (30) දිනයෙන් අවසන් වුනා.

මෙම තරගවල දී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඉන් කිහිපයක් පහතින් දැක්වෙනවා.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ චෙනුක රන්දුල කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කරමින් තම විද්‍යාලය ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත් වුනා.

කොළඹ රාජකීය විද්‍යාල නායක රමිරු පෙරේරා ඊයේ දිනයේ දී බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළ අතර අතර දිනයේ දී තවත් කඩුලු 7ක දස්කමක් ද ප්‍රදර්ශනය කරමින් සමස්ත තරගයේ කඩුලු 12ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඔහු පිත්තෙන් ද ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුනා.

ගාල්ල ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් කවිඳු කේසර ඊයේ දිනයේ කඩුලු 7 දස්කමක් දැක්වූ අතර අද දිනයේ දී පිත්තෙන් අර්ධ ශතකයක් සහ පන්දු යැවීමෙන් කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාල නායක සහන් කෞශල්‍ය පන්දු යැවීමෙන් කඩුලු 5 දස්කමක් සහ පිත්තෙන් අර්ධ ශතකයක් ද වාර්තා කළා.

පානදුර ලයිසියම් විද්‍යාලයේ නායක පෙසඳු සිල්වා ලයිසියම් දෙවැනි ඉනිමේ දී පන්දු 34කින් වේගවත් ලකුණු 71ක් ලබා ගත් අතර, එම ඉනිමට හයේ පහර 8ක් අන්තර්ගත වුනා.

මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ලක්වින් අබේසිංහ විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම යාපනය හින්දු විද්‍යාලය වෙනුවෙන් Logaswaran Piriyandan ද අගනා ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 108/10 (31.3) විරාන් චමුදිත 40, රන්දීශ බණ්ඩාරනායක 3/26 & 173/10 (53.2) චමරිඳු නෙත්සර 84, චෙනුක රන්දුල 5/41
  • කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය – 216/10 රන්දීශ බණ්ඩාරනායක 43, පෙසඳු වීරසිංහ 32, සමිරු ගිම්හාන් 3/61, විරාන් චමුදිත 3/54 & 66/3 (13.4) මලිත පෙරේරා 36

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • කොළඹ රාජකීය විද්‍යාලය – 183/10 (48.4) යසිඳු දිසානායක 65, ඔවින අඹන්පොල 27, මෙවන් දිසානායක 5/56 & 251/5d (64) රමිරු පෙරේරා 77, යසිඳු දිසානායක 68, මෙවන් දිසානායක 3/108
  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 178/10 (47.2) ජනිඳු නන්දසේන 61, රමිරු පෙරේරා 5/55 & 128/9 (40) සමිඳු පීරිස් 28, රමිරු පෙරේරා 7/52

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 136/10 (46.4) තනුජ රාජපක්ෂ 43, ශනික්‍ය දේශප්‍රිය 30, කවිඳු කේසර 7/25 & 170/10 (76.2) තනුජ රාජපක්ෂ 56, සෙත්රු ප්‍රනාන්දු 29, කවිඳු කේසර 5/49
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 179/10 (61) හසිත සුරංග 40, කවිඳු කේසර 56, රචින්ත ද සිල්වා 5/36 & 37/0 (5)

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල ඇලෝශියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 179/10 (61.5) චමිඳු පෙරේරා 69, ප්‍රවීන් මනීෂ 4/48, සහන් කෞශල්‍ය 3/24 & 170/10 (52.4) අසදිස ද සිල්වා 45, ඉශිර අයුපල 34, සහන් කෞශල්‍ය 5/53, උශාන් සත්සර 4/41
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 168/10 (51.3) නබීල් රාජුදීන් 56, ශෙනාන් රොද්‍රිගෝ 4/47 & 123/8 (32) සහන් කෞශල්‍ය 64, ලශ්මික පෙරේරා 3/37

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

සාම්ප්‍රදායික දෙදින තරග

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය

  • හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය – 223/10 (80.4) රන්සර දේශාන් 45, රවිඳු තීක්ෂණ 42, යසිත් සස්මිත 3/55 & 231/10 (44.5) තරුන් දන්සිත් ද සිල්වා 93, හශේන් සිල්වා 6/32
  • වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය – 94/10 (45.1) නෙමිත ද සොයිසා 33, රන්සර දේශාන් 5/25 & 44/4 (22) නිමිත ද සොයිසා 15, ශෙහාන් චාමික 4/18

තරගය ජය පරාජයෙන් තොරයි, හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ කේරී විද්‍යාලය සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල

  • කොළඹ කේරි විද්‍යාලය – 299/10 (76.3) අර්ශෙල් වල්ගමගේ 61, මෙතුජ අනුප්‍රිය 59, සෙතික ඩිහේන් 3/52 & 164/4d (45.4) රුවීන් වික්‍රමසේකර 68, පෙසඳු සිල්වා 1/7
  • පානදුර ලයිසියම් විද්‍යාලය – 188/10 (56.4) නවිඳු පෙරේරා 51, මොහොමඩ් ෆිර්නාස් 37, අකිඩ් ඔසේන් 4/22 & 137/7 (16) පෙසඳු සිල්වා 71, මෙතුජ අනුප්‍රිය 2/12

තරගය ජය පරාජයෙන් තොරයි, කේරි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

වාද්දූව මධ්‍ය විද්‍යාලය සහ මතුගම සාන්ත මේරි විද්‍යාලය

  • වාද්දූව මධ්‍ය විද්‍යාලය – 229/10 දේශාන් මධුශංක 55, රශ්මික උදයංග 44, එන්. ක්‍රිතික් 5/58 & 190/5d (31.1) චන්දුප ධනංජ 89, සුබත් සන්දීප 2/58
  • මතුගම සාන්ත මේරි විද්‍යාලය – 144/10 (41.2) රනිඳු නිපුන් 47, සහන් දේශක 4/31 & 19/1 (4.1)

තරගය ජය පරාජයෙන් තොරයි, වාද්දූව මධ්‍ය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

යාපනය විද්‍යාලය (Vaddukoddai) සහ යාපනය හින්දු විද්‍යාලය

  • යාපනය විද්‍යාලය – 86/10 (29.1) R Johnson 21, D Roshun 4/20 & 75/10 (30.5) S Mathusan 15, S.Harikaran 3/9
  • හින්දු විද්‍යාලය – 379/10 (105.4) Logaswaran Piriyandan 155, Krishnarajan Pareshshith 59, V Vishnugoban 6/75

යාපනය හින්දු විද්‍යාලයට ඉනිමකින් සහ ලකුණු 218ක දැවැන්ත ජයක්.

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය

  • මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය – 176/10 (67.5) තෙමුර භාෂ්වර 37, ශිමල්ක කාන්චන 6/44 & 208/9 (55) Rasin Hamdoon 59, අරුජ් නිහාර 76, නික්ෂ පෙරේරා 4/39
  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය – 184/10 (61.2) ජයසීලන් ප්‍රීතික්ෂන් 31, ශිමල්ක කාන්චන 38, මොවිඳු දිනෙත් 5/44, විසල් භාරත 3/35 & 77/3 ප්‍රවිශ්ක නදීන් 29

තරගය ජය පරාජයෙන් තොරයි, බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය

  • කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – 173/10 (65.1) පෝශිත මදනායක 60, ශෙවෝන් ක්‍රිස්ටියන් 3/4, මැතිව් සොලමන්ස් 3/45 & 138/8d (45) සදෙව් ඉන්දීප 33, මැතිව් සොලමන්ස් 3/43
  • කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය – 130/10 (66.1) දිනුජ ජයසිංහ 56, කුශිත් මදුශාන් 4/17 & 49/10 (31.3) විරුල් කෙත්මික 17, සදෙව් ඉන්දීප 4/6, චරුක එශාන් 4/10

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ලකුණු 132ක ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 321/8d (79) ලක්වින් අබේසිංහ 133, ඉරුශ ජයවර්ධන 33, හසිත් රත්නායක 4/72
  • කොළඹ නාලන්දා විද්‍යාලය – 243/8 (78.5) ඔසඳ පමුදිත 72, සදෙව් සමරසිංහ 36, දක්ෂික මනුකල්ප 2/22

තරගය ජය පරාජයෙන් තොරයි.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 133/10 (54.2) බුද්ධිම තරුපති 25, යෙනුල භාශිත බංඩාර 7/37 & 167/10 (54.5) යොහාන් එදිරිසිංහ 45, ශේන් අබේරත්න 5/46
  • කොළඹ රාජකීය විද්‍යාලය – 266/7d (76.2) අනූශ් පොලොන්නෝවිට 55, ගීශාන් පෙරේරා 67, අයේශ් ගජනායක 3/61 & 36/0 (7.5)

කොළඹ රාජකීය විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<