කවීෂ ඉඳුවර තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

204
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (28) අවසන් වුනා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර පැවැත්වුණු මෙම සාම්ප්‍රදායික දෙදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ලයිසියම් පාසලට පළමු ඉනිමේ ජයක් හිමි වුනා.

  • මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය – 184/10 (81.4) සහන් දිල්හාර 61, බාශිත කේශාන් 36, සදෙව් හෙට්ටිආරච්චි 4/51, තරුශ රණසිංහ 2/14 & 148/7 (53) අකලංක දිනුජය 28, සදෙව් හෙට්ටිආරච්චි 3/23
  • වත්තල ලයිසියම් විද්‍යාලය – 238/9 (72) ඔමල්ක හපුආරච්චි 81, ලක්ෂිත උදේශ් 53, ශාලුක රඹුක්පිටිය 4/76, දනුප කොඩිකාර 3/40

 

මේ අතර පළමු කොටසේ Tier A තරග ද්විත්වයක් අද ආරම්භ වුනා. මෙම තරගවල දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් කඩුලු 4 දස්කමක් දක්වද්දී, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මලින්ත සිල්වා කඩුලු 5 දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා. එමෙන්ම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කවීෂ ඉඳුවර පන්දුවෙන් කඩුලු 5ක් දවා ගනිමින් සහ පිත්තෙන් නොදැවුණු ලකුණු 41ක් ද ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 148/10 (55.3) ශෙෆාන් ප්‍රනාන්දු 34*, අදේශ් අල්මේදා 31, කවීෂ පියුමාල් 4/51, චාරුක ඒකනායක 3/29 & 0/0 (1)
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 136/10 (41) ජනිත් රත්නසිරි 42, තිසර ඒකනායක 31, මලින්ත සිල්වා 5/19, මනුජ චන්තුක 3/47

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 111/10 (45.5) ඔශාන් මනීශ 36, කවීශ ඉඳුවර 5/48, ශැරෝන් අභිෂේක් 2/30
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 150/5 (52) ශෙහාන් ද සොයිසා 63*, කවීෂ ඉඳුවර 41*, රසිඳු ප්‍රනාන්දු 2/15

මෙම තරග ද්විත්වයේ දෙවන සහ අවසන් දිනය හෙට (29) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<