සදෙව් සහ චාර්යගෙන් වටිනා ශතක ද්විත්වයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

289
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (26) දිනයෙන් අවසන් වුනා.

මෙම තරගවල දී පූර්ණ ජයග්‍රහණයක් කරා යෑමට සමත් වුනේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය පමණයි. කෙසේ වෙතත් ගෙවී ගිය දිනය පුරාවටම ක්‍රීඩකයින් රැසක් තම පාසල් වෙනුවෙන් කැපී පෙනෙන අන්දමේ දක්ෂතා දැක්වීමට සමත් වුනා.

අද දිනයේ දී ක්‍රීඩකයින් විසින් දැක්වූ එවන් දස්කම් කිහිපයක්,

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහගේ පිත්තෙන් අගනා ශතකයක් වාර්තා වූ අතර වෙස්ලි විද්‍යාලයේ බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු විසින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

කෑගල්ල සාන්ත මේරි විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් කරා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය රැගෙන ගිය විහඟ තීක්ෂණ ඉනිම් දෙකේ දී ම කඩුලු 6 බැගින් දවා ගැනීමට සමත් වුනා. මේ අතර  මේරි විද්‍යාලයේ චමෝද් භානුක පළමු ඉනිමේ කඩුලු 2ක් සහ දෙවන ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කවිඳු ඩයස් ඊයේ ආනන්ද විද්‍යාලයට එරෙහිව අර්ධ ශතයක් වාර්තා කළ අතර, අද දිනයේ දී කඩුලු 5ක් ද දවා ගැනීමට සමත් වුනා. මේ අතර දනිඳු සෙල්ලපෙරුම සහ කාන්චන ද ලිවේරා ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළා.

ගාල්ල ඇලෝශියස් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී ඊයේ දිනය තුළ සම්පූර්ණයෙන්ම තරගයේ ආධිපත්‍යය පවත්වා ගත් සහිරා විද්‍යාලය අද තරගයේ අඩියට ම ඇද දමමින් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට ඇලෝශියස් නායක චාර්ය පරණවිතාන විසින් සමත් වුනා. ඔහු පන්දු 120කින් ලකුණු 133ක් ලබා ගත් අතර මේ ඉනිම වෙනුවෙන් ඔහු විසින් එක් හයේ පහරක් සහ හතරේ පහර 23ක් එක් කර ගැනීම විශේෂත්වයක්. එමෙන්ම විදුර ලක්ශාන් ද ඇලෝශියස් ඉනිමට වේගවත් අර්ධ ශතකයකින් දායක වුනා. මීට අමතරව කවිඳු කේසර අද දිනයේ පිත්තෙන් ලකුණු 30ක් ලබා ගත් අතර, පන්දුවෙන් ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය

  • කොළඹ වෙස්ලි විද්‍යාලය– 265/10 ලිනාල් සුභසිංහ 85, රුක්ෂාන් තරංග 36, මිනෝද් කල්දේරා 4/54 & 191/5 (44) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 74, අනුග පැහැන්සර 45, හසිත් රත්නායක 4/69
  • කොළඹ නාලන්ද විද්‍යාලය – 298/10 (68.3) සදෙව් සමරසිංහ 106, හසිත් රත්නායක 47, නිලුපුල් ලියනගේ 4/44, ශකේෂ් මිනෝන් 3/67

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 64/10 (25.1) උවිඳු පෙරේරා 15, තිසල් යාපා 4/13, මලිත් රත්නායක 3/9 & 101/9 (34) නෙශාන් ඩයස් 33, මලිත් රත්නායක 4/36, තරණ විමලධර්ම 2/36
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 70/10 (30.1) විදුක ධම්මගේ 22, දිනිඳු සස්මිත් 5/11, කවිඳු කෞශල්‍ය 3/25

තණතීරුවේ ස්වභාවය නිසා තරගය අත් හැර දැමුවා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ සහිරා විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය

  • කොළඹ සහිරා විද්‍යාලය – 271/10 (80) අබ්දුල් රහුමාන් 91, තබිත් රිස්ෆිකාර් 60, විදුර ලක්ෂාන් 4/71, හසිත සුරංග 3/53 & 138/8 (48.5) අබ්දුල් රහුමාන් 57, කවිඳු කේසර
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය– 351/9d (67.2) චාර්ය පරණවිතාන 133, විදුර ලක්ෂාන් 71, මොහොමඩ් අකීල් 4/89

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල ඇලෝශියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

සාම්ප්‍රදායික දෙදින තරග

කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ සීදුව සාන්ත තෝමස් කතෝලික පාසල

  • ශ්‍රී රාජසිංහ විද්‍යාලය – 157/10 (47) ලක්ෂාන් ආලෝක 44, ට්‍රියෝන් ක්‍රිස්ටෝපර් 6/37 & 148/7 (41) ලක්ෂාන් ආලෝක 57, ජෙහාන් රණසිංහ 5/26
  • සාන්ත තෝමස් කතෝලික පාසල– 184/10 (86.2) තීක්ෂණ ස්ටෙපන් 53, චමෝද් විදුරංග 5/51

සීදුව සාන්ත ජෝසප් කතෝලික පාසලට පළමු ඉනිමේ ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 301/9 (79.3) නාතන් කල්දේරා 68, කවිඳු ඩයස් 50, කවීශ මෙන්ඩිස් 4/79 අශින්ස නයිනායක 3/51
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 172/10 (62.1) දනිඳු සෙල්ලපෙරුම 77, කවිඳු ඩයස් 5/25 & 173/5 (f/o)(57) කාන්චන ද ලිවේරා 51, ඉරුත් ගිම්ශාන් 42, අශෙන් පී පෙරේරා 2/5

තරගය ජය පරාජයෙන් තොරයි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මේරි විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 123/10 (38.1) මහීෂ සිතුම් 32, සමිත සඳරුවන් 5/43, චමෝද් ආකර්ෂ 3/24 & 207/10 (64.4) මහීෂ සිතුම් 36, නිශල් රශ්මික 33, චමෝද් භානුක 7/77
  • සාන්ත මේරි විද්‍යාලය – 122/10 (42) රොශේන් සස්මිත 62, විහඟ තීක්ෂණ 6/21 & 134/10 (34.1) රොශේන් සස්මිත 35, විහඟ තීක්ෂණ 6/38, මලිඳු දහම් 2/28

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 74ක ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 218/10 (65.1) මනිත් ප්‍රනාන්දු 50, චනුත් ඇහැලියගොඩ 45, සාරධ ජයරත්න 3/19 & 182/4d (40) අවිනාශ් ප්‍රනාන්දු 62, සචිත්‍ර ගුණසිංහ 58, රශාන් දිලක්ශ 2/52
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 142/10 (53.2) මිහින් මුණසිංහ 39, අනුක් දේවනාරායන 5/38 & 109/5 (40) මිහින් මුණසිංහ 34, අනුක් දේවනාරායන 2/33

තරගය ජය පරාජයෙන් තොරයි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<