සහිරා විද්‍යාලයට එරෙහිව ධර්මාශෝකයට පහසු ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

225

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) පැවැත්වුණා.

මෙම තරග අතුරින් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් වූ අතර, ඔවුන් විසින් කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව ලකුණු 91ක ජයක් ලබා ගත්තා.

මේ අතර කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් නායක ගයන වීරසිංහ විශිෂ්ට ශතකයක් වාර්තා කළා. පන්දු 86ක් තුළ ලකුණු 102ක් වාර්තා කළ ගයනගේ ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් අඩංගු වුනා. නමුත් මෙම තරගයෙන් පළමු ඉනිමේ පරාජයක් ලැබීමට මලියදේවයන්ට සිදු වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 17 – 18)

  • කොළඹ වෙස්ලි විද්‍යාලය – 318/5 (102.1) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 163*, උවින් පෙරේරා 44, තවීශ බාලසූරිය 2/57
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 231/10 (57.2) විනුක ගලප්පත්ති 72, චන්දූප අබේසිංහ 32, ශකේෂ් මිනෝන් 4/56, ගීත් සත්සර 3/61 & 166/4 (f/o) (34) ගයන වීරසිංහ 102, රවිඳු ප්‍රේශල 37, සනිතු අමරසිංහ 2/43

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 18 –  19)

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 198/10 (54.4) නවීන් ප්‍රනාන්දු 67, උනෙත් පීරිස් 36, මනුග ගුරුගේ 4/61, ජිමුත් ඉද්දමල්ගොඩ 2/25
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 100/4 (40) ශධිනිඳු ජයසේකර 30*, නවීන් ප්‍රනාන්දු 2/13

පළමු දිනය සඳහා තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 17 – 18)

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 170/10 (55) ආකාශ් මෙන්ඩිස් 55, තරුශ නවෝද්‍ය 5/40, ඉස්මත් සයාන් 3/29 & 173/9d (54.5) ජිතිර සන්සික 53, ආකාශ් මෙන්ඩිස් 49, අබ්දුල් රහුමාන් 3/24, ඉස්මත් සයාන් 3/50
  • කොළඹ සහිරා විද්‍යාලය – 111/10 මොහොමඩ් ඉජාස් 32, නෙතුජ බාසිත 4/13, සෙනිත හැළඹගේ 2/15 & 141/10 (45.1) තබිත් රිස්ෆිකාර් 47, රොශාන් කරීම් 43, ජිතිර සන්සික 4/18, ඉශාන් අනුරාධ 3/41

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 91ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<