දිනෙත් සහ අශේන් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙයි 

U19 Division 1 Schools Cricket Tournament 2023/24

333
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද දිනයේ දී (15) නිමාවට පත් වුනා.

මෙම තරගවල දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය විසින් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය විසින් නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාලයට එරෙහිව ලකුණු 173ක ජයග්‍රහණයක් ලබා ගනිද්දී, අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලය ද කළුතර විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කළා.

මෙම තරගවල දී මොරටුව වේලස් කුමර විද්‍යාලය වෙනුවෙන් සුවස් ප්‍රනාන්දු ලකුණු 95ක් සහ රිවිත් ජයසූරිය ලකුණු 86ක් වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සිතුක ගුණවර්ධන විසින් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

මේ අතර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දිනෙත් අරෝශ ඊයේ දිනයේ අර්ධ ශතයක් ලබමින් ජනාධිපති විද්‍යාලයේ පළමු ඉනිම ශක්තිමත් කළ අතර අද දිනයේ ද ඔහු තවත් අර්ධ ශතකයක් වාර්තා කළා, එමෙන්ම පන්දු යැවීමෙන් කඩුලු පහක් ද බිඳ හෙළීමට සමත් වුනා.

දිනෙත්ට නොදෙවෙනි දස්කමක් ප්‍රදර්ශනය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අශේන් වික්‍රමසිංහ ද අද පිත්තෙන් ලකුණු 92ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

  • කොළඹ ඉසිපතන විද්‍යාලය– 281/10 (89.2) රන්මිත් දිනුවර 50, ලෙසඳු කල්පගේ 49, අචල පෙරේරා 6/68, රසඳු සිල්වා 1/22 & 20/2 (8)
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 374/10 (98.5) සුවස් ප්‍රනාන්දු 95, රිවිත් ජයසූරිය 86, උනෙත් පීරිස් 69, සිතුක ගුණවර්ධන 5/103

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

  • කෝට්ටේ ජනාධිපති විද්‍යාලය– 244/10 (81.2) පුන්සර නෙත්මින 59, දිනෙත් අරෝශ 63, විමන් නානායක්කාර 4/37, අශේන් වික්‍රමසිංහ 2/36 & මලිඳු රත්නායක 76, දිනෙත් අරෝශ 60, මනිඳු හේරත් 4/76, අශේන් වික්‍රමසිංහ 2/52
  • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය– 290/10 (80.3) අශේන් වික්‍රමසිංහ 92, මනිඳු හේරත් 40, ඉසර කාන්චන 5/57, දිනෙත් අරෝශ 5/60

තරගය ජය පරාජයෙන් තොරයි, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

එමෙන්ම ගාල්ල මහින්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තවත් සාම්ප්‍රදායික දෙදින තරගයක් ද අද දිනයේ ආරම්භ වුනා. මෙම තරගය සම්පූර්ණයෙන්ම පාහේ දෙපිලේ පන්දු යවන්නන් වෙත නතු වූ අතර, අද දිනය තුල කණ්ඩායම් ද්විත්වයේම කඩුලු 24ක් බිඳ වැටීම විශේෂත්වයක්.

මෙහි දී කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිමත් අබේසිංහ කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. එමෙන්ම ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් අරෝශ උදයංග සහ කවීන් රුක්ශාන් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • ගාල්ල මහින්ද විද්‍යාලය– 89/10 (43.2) තරුශ දිල්ශාන් 30, දිමත් අබේසිංහ 5/36, තවීශ බාලසූරිය 3/18 & 32/4 (11)
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය– 116/10 (40.5) විනුක ගලප්පත්ති 44, අරෝශ උදයංග 4/32, කවීන් රුක්ශාන් 4/20

අද මෙම තරගය පැවැත්වුණු ආකාරය අනුව හෙට (16) දිනයේ දී තරගය තීරණයක් සහිතව නිමා වීමට ඉඩක් පවතිනවා.

එම තරගය පිළිබඳ මෙන්ම පාසල් ක්‍රිකට් පිටියේ අනෙක් උණුසුම් තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<