ලුම්බිණිය සහ වේල්ස් කුමරුවන් දැවැන්ත ජයග්‍රහණය ලබා ගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

424
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (13) සහ අද (14) අවසන් වුනා.

මෙම තරගවල දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර, විද්‍යාල රැසක ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.

මේ එවන් දස්කම් කිහිපයක්,

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මලින්ත සිල්වා කඩුලු 7 දස්කමක් ද සමඟ තුන් ඉරියව්වෙන් කැපී පෙනුණා.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් එහි නායක ශරුජන් ශන්මුගනාදන් ඉනිම් දෙකේ ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ සුවස් ප්‍රනාන්දු විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු 177කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුනා. මේ අතර අචල පෙරේරා සහ උනෙත් පීරිස් වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ විශ්ව රාජපක්ෂ කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් මෙනුශ පබසර කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයට එරෙහිව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ උශාන් සත්සර පළමු ඉනිමේ කඩුලු 6ක් බිඳ හෙළද්දී, ප්‍රවීන් මනීෂ දෙවැනි ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දිමත් අබේසිංහ පළමු ඉනිමේ කඩුලු 5ක් ද සමඟින් සමස්ත තරගයේ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අභීත් පරණවිදාන ද කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විහස් තෙව්මික කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 12-13)

  • වෙස්ලි විද්‍යාලය – 276/10 (70.2) උවින් පෙරේරා 86, ලිනාල් සුභසිංහ 42, මලින්ත සිල්වා 7/59 & 243/10 (55.4) ලිතුම් සෙනුජ 96, මනුජ චන්තුක 4/77, මලින්ත සිල්වා 2/54
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 288/10 (60.1) මනුජ චන්තුක 86, මලින්ත සිල්වා 65, සනිතු අමරසිංහ 4/76, උවින් පෙරේරා 4/44 & 94/3 (15) උශේන් සිල්වා 44

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය

බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 12-13)

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 224/10 (67.2) ශරුජන් ශන්මුගනාදන් 85, නිලේශ් පෙරේරා 2/7, යොහාන් ආලෝක 2/28 195/8 (55.5) ශරුජන් ශන්මුගනාදන් 57, ස්ටීව් අර්ශාන් 55, රමිත් බණ්ඩාර 3/6, නිලේශ් පෙරේරා 2/37
  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 173/10 (54.5) ශෆ්නි ඩීන් 51, හස්මික නෙත්ශාන් 39, මෙවන් දිසානායක 4/59, නිර්වාන් ජයතිලක 3/39 & 87/4 (18) මිනෙත් ප්‍රනාන්දු 24, නිර්වාන් ජයතිලක 2/29

තරගය ජය පරාජයෙන් තොරයි, බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 13 – 14)

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 112/10 (29.5) කුශාන් සුභසිංහ 31, අචල පෙරේරා 4/33, උනෙත් පීරිස් 3/29 & 130/10 (54.3) ඕෂද කෞශල්‍ය 35, අචල පෙරේරා 4/48, උනෙත් පීරිස් 3/16
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 299/10 (73) සුවස් ප්‍රනාන්දු 134, ඔශාන් ද සිල්වා 41, බසීර් ශකීල් 3/52, යශ්මින් ජයසුන්දර 2/25

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 57ක ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී(පෙබරවාරි 13 – 14)

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය-149/10 (48.3) තිසේන් ඇහැලියගොඩ 41, මහිත් පෙරේරා 33, දිමත් අබේසිංහ 5/47, දිමන්ත අරුශ 4/14 & 130/10 (46.1) සදෙව් සොයිසා 38, දිමත් අබේසිංහ 4/52, අර්ජුන් සත්සර 4/22
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය– 170/10 (58.5) ගයන වීරසිංහ 80, චන්දූප අබේසිංහ 53, අභීත් පරණවිදාන 5/56, කවිඳු ඩයස් 3/33 & 106/6 (33) විනුක ගලප්පත්ති 37*, අභීත් පරණවිදාන 2/22

තරගය ජය පරාජයෙන් තොරයි, කුරුණෑගල මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ (පෙබරවාරි 14 – 15)

  • කොළඹ නාලන්දා විද්‍යාලය – 152/10 (69) සජිත විතානගේ 37, දිනිරු අබේවික්‍රමසිංහ 2/13, සමිරු ගිම්හාන් 2/15

පළමු දිනයට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 12 – 13)

  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 185/10 (59.5) කවිත් ප්‍රනාන්දු 33, කවිඳු ප්‍රේමරත්න 39, ජිතිර සන්සික 2/23, සෙනුරු සඳයුරු 2/22 & 142/10 (40.4) ඉසුරු ජයසේකර 29, සෙනිත හැළඹගේ 4/49, ජිතිර සන්සික 3/36
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය– 121/1 (45.5) සෙනිත හැළඹගේ 31, විශ්ව රාජපක්ෂ 5/20, තරිඳු එශාන් 3/41 & 125/10 (43.4) ඉශාන් අනුරාධ 39, තරිඳු එශාන් 4/42, ජනිත් ප්‍රනාන්දු 3/23

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 81ක ජයක්.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 12 -13)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය– 189/10 (75.3) බිසර අන්ජන 59, රවිඳු කොළඹගේ 32, අරෝශ සිතුමිණ 4/42, සඳරු මල්ෂාන් 4/43 & 151/10 (57.5) චිතුම් බැද්දගේ 40, පුල්ජිත් වත්සුක 4/35
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය– 160/10 (52) යසිරු ලක්ෂාන් 63, දර්ශක සන්දීප් 43, මෙනුශ පබසර 5/44 & 55/4 (9) යසිරු ලක්ශාන් 24, චිතුම් බැද්දගේ 2/10

තරගය ජය පරාජයෙන් තොරයි, ධර්මපාල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය

BRC ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 13 – 14)

  • කොළඹ ලුම්බිණි විද්‍යාලය– 227/10 (60.4) දුමිඳු සෙව්මිණ 71*, ශහන් කෞශල්‍ය 32, ආකාශ් දෙව්මිණ 4/42, සිත්රූ චමත්ක 4/13
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය– 75/10 (29.2) සොනාල් අවදික 31, උශාන් සත්සර 6/21 & 129/10 (f/o) (38.1) නදීර දේශාන් 36, ප්‍රවීන් මනීෂ 7/64, උශාන් සත්සර 2/23

කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 23ක ජයක්.

කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ (පෙබරවාරි 14 – 15)

  • කොළඹ සහිරා විද්‍යාලය– 125/10 (55.4) අබ්දුල් රහුමාන් 27, විහස් තෙව්මික 6/42, රචින්ත ද සිල්වා 2/12
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 237/7 (41.4) නවිඳු ප්‍රනාන්දු 70, දිනාල් ඉඳුවර 47, රනිඳු මලිත් 3/23

පළමු දිනයට තරගය නතර කෙරුණා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<