මහිත් සහ දිනෙත් නැවතත් ද්විත්ව ශතක සබඳතාවක!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

380
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙහි දී පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ මීගමුව සාන්ත පීතර විද්‍යාලයත්, කොළඹ කේරී විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසල අතරත් ඊයේ (11) ආරම්භ වූ සාම්ප්‍රදායික දෙදින තරග ද්විත්වය අද අවසන් වුනා.

මෙම තරග වල දී සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් නුවන් හර්ශන ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර දෙනෙත් පීරිස් ද දෙවන ඉනිමේ දී විශිෂ්ට ලකුණු 90ක් කණ්ඩායම වෙනුවෙන් එකතු කළා. එමෙන්ම ගිම්හාන් විජේසේකර ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෙන්වීමට සමත් වුනා.

මේ අතර මීගමුව සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දසුන් කාවින්ද ඉනිම දෙකේ දී ම කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම අද නිමා වුන අනෙක් තරගයේ දී ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය වෙනුවෙන් හශේන් කුමාර සහ ශෙෂාන් කවීන් පන්දුවෙන් දස්කම් දක්වද්දී කේරි විද්‍යාලය වෙනුවෙන් අර්ශෙල් වල්ගමගේ සහ කවින් කුලේන්ද්‍රන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ මීගමුව සාන්ත පීතර විද්‍යාලය

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය – 141/10 (41) නුවන් හර්ශන 68, සඳුන් මේදිස් 24, දසුන් කාවින්ද 5/29, නවීන් අසිත 2/48 & 288/10 (68.1) දෙනෙත් පීරිස් 90, නුවන් හර්ශන 88, යොහාන් අල්විස් 4/64, දසුන් කාවින්ද 3/79
  • මීගමුව සාන්ත පීතර විද්‍යාලය – 97/10 (35.4) යොහාන් අල්විස් 28, ගිම්හාන් විජේසේකර 4/22, චරිනු ප්‍රනාන්දු 1/2 & 154/7 යොහාන් ප්‍රිමෝශ් 52, රයන් හිමාශ 31, දෙනෙත් පීරිස් 3/50, දිනල් පෙරේරා 1/12

පානදුර සාන්ත ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ කේරි විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසල

  • කොළඹ කේරි විද්‍යාලය – 200/10 (84.5) කවින් කුලේන්ද්‍රන් 43, පසිඳු අබේදීර 41, හශේන් කුමාර 3/35, ශෙෂාන් කවීන් 3/29 & 148/7 රන්දුල වීරක්කොඩි 35, යොවෙල් අරෝශ 2/31, නදීප් දිල්හාර 2/16
  • ලලිත් ඇතුලත්මුදලි ජාතික පාසල 47/10 (22.5) සෙනුශ තමෝද්‍ය 14, කවින් කුලේන්ද්‍රන් 4/15, අර්ශෙල් වල්ගමගේ 3/15

කොළඹ කේරි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර පළමු කොටසේ Tier A යටතේ තවත් දෙදින තරග ද්විත්වයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතරත්, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතරත් අද දිනයේ දී ආරම්භ වුනා.

එහි දී මෙම තරගවාරයේ වඩාත් කැපී පෙනෙන පිතිකරු යුගලයක් වූ සාන්ත තෝමස් විද්‍යාලයේ දිනෙත් ගුණවර්ධන සහ මහිත් පෙරේරා අද දිනයේ ද ද්විත්ව ශතක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මීට පෙර කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී ද මොවුන් දෙදෙනා විසින් ත්‍රිත්ව ශතක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා. එම අවස්ථාවේ ලකුණු 150 සීමාව පසු කර යෑමට සමත් වූ මෙම යුගලය මෙවර ද ශතක රැස් කිරීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම සාන්ත ආනා සහ ත්‍රිත්ව විද්‍යාල අතර පැවැත්වුණු තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් තරණ විමලධර්ම කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 322/6 (80.4) මහිත් පෙරේරා 103, දිනෙත් ගුණවර්ධන 104, ආකාශ් ප්‍රනාන්දු 52, සකේශ් මිනෝන් 2/75
  • කොළඹ වෙස්ලි විද්‍යාලය – 32/3 (17) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 16* ආකාශ් ප්‍රනාන්දු 2/14

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 136/10 (71.2) කුශාන් සුබසිංහ 27, තරණ විමලධර්ම 4/37, මලිත් රත්නායක 3/26
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 29/0 (11) දිමන්ත මහවිතාන 19*

මෙම තරග ද්විත්වයේ ම දෙවන සහ අවසන් දිනය හෙට (13) පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<