ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) දිනයේ විසඳුමක් රහිතව අවසන් වුනා.
පළමු කොටසේ Tier A තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය තරග වැදුණා.
කෙසේ වෙතත් දින දෙකක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත ව තිබූ මෙම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 32ක් පමණයි.
එහි දී තරගයේ ක්‍රියාත්මක වූ එකම ඉනිම දියත් කළ ධර්මරාජ ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ගොස් ලකුණු 143ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් නායක පුලිඳු පෙරේරා නොදැවී ලකුණු 92කින් දායක වීම විශේෂත්වයක්. පන්දු 89ක් තුළ දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 17ක් අන්තර්ගත වුනා.
මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දේශීය ක්‍රිකට් පිටියේ බොහෝ තරග නිසි ආකාරයෙන් පැවැත්වීමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණක්.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
(ඔක්තෝබර් 10-11)
ධර්මරාජ විද්‍යාලය – 143/2 (32) පුලිඳු පෙරේරා 92*, තරිඳු වර්ණකුලගේ 28*, බිහඟ සිල්වා 1/15
තරගය විසඳුමකින් තොරව අවසන් වුනා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<