තීරණයක් සහිත තරග ද්විත්වයක් අවසන් වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

88
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (05) දිනයෙන් නිමාවට පත් වුනා.

මෙම තරග ද්විත්වය ම තීරණයක් සහිතව නිමාවට පත් වීම විශේෂත්වයක්. මෙහි දී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 08කින් දැවැන්ත ජයක් වාර්තා කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් රයන් දිසානායක ලකුණු 106ක් ලබා ගන්නා අතරේ, මලින්ත සිල්වා ඉනිම දෙකේ ම කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 33ක ජයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ අතර, මෙහි දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ආරෝන් ද සිල්වා කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වුනා. ඉතා අඩු ලකුණු වාර්තා වූ තරගයක් වූ මෙහි දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් චාරුක ඒකනායක ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(ඔක්තෝබර් 04-05)

(මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ රාජකීය විද්‍යාලය – 222/10 (64.1) යසිඳු දිසානායක 86, ශේන් අබේරත්න 59, මලින්ත සිල්වා 4/59, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/58 & 139/10 (47.3) දුශේන් උඩවෙල 36, මලින්ත සිල්වා 4/41
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 369/9 (68.2) උශේන් සිල්වා 89, රයන් දිසානායක 106, කවීෂ පෙරේරා 53, අනූෂ් පොලොන්නෝවිට 4/10

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 8ක ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

(ඔක්තෝබර් 04  05)

(සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත තෝමස් විද්‍යාලය 99/10 (42.2) දිනෙත් ගුණවර්ධන 31, චරුක ඒකනායක 4/27, 126/10 (53.1) මිතිල චාර්ල්ස් 46, චාරුක ඒකනායක 5/65
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 129/10 (39.1) කෞශික කුමාරසිංහ 33, අභීත් පරණවිදාන 5/42 & 63/10 (27.4) චාරුක ඒකනායක 27, ආරෝන් ද සිල්වා 6/27

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 33ක ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<