ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (08) දිනයෙන් විසඳුමක් රහිතව අවසන් වුනා.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයේ දී ජයග්‍රහණයක් වෙත යාමට තර්ස්ටන් විද්‍යාලයට ඉතා ආසන්න අවස්ථාවක් නිර්මාණය වුනත්, අවසානයේ සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වෙමින් තරගය අවසන් වුනා.
තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය සාන්ත ආනා විද්‍යාලයේ ශෙහාන් කුමාර සතු වූ අතර, ඔහු තරගයේ වාර්තා වූ එකම කඩුලු 5 දස්කමේ ද හිමි කරු බවට පත් වීම ද විශේෂත්වයක්.
ශෙහාන් සමස්ත තරගයේ දී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.
මේ අතර තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ රචින්ත ද සිල්වා සමස්ත තරගයේ දී කඩුලු 6ක් බිඳ හෙළනා අතරේ, නායක තනුග පලිහවඩන කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කුරුනෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය
(තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත ආනා විද්‍යාලය – 104/10 (38.1) ශෙහාන් කුමාර 51, රචින්ත ද සිල්වා 4/40, තනුග පලිහවඩන 3/20 & 146/10 (39.4) සනුජ දිසානායක 46, චමිත් සසේන්ජන 36, යොවුන් සිල්ප 3/19, රචින්ත ද සිල්වා 2/16
- තර්ස්ටන් විද්‍යාලය – 98/10 (41.2) දිනාල් ඉඳුවර 32, ශෙහාන් කුමාර 5/16, බසීර් ශකීල් 2/24 & 144/5 (43.4) රචින්ත ද සිල්වා 43*, පැතුම් ධනංජය 44*, යශ්මින් ජයසුන්දර 2/11, ශෙහාන් කුමාර 2/41
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<