ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (05) දිනයේ දී විසඳුමක් රහිතව නිමාවට පත් වුනා.
Tier B කොටසේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගය ඊයේ (04) ආරම්භ වූ අතර, මෙහි දී කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය තරග වැදුණා.
මෙහි දී ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් නායක ශෙවන් මෙනූශ විශිෂ්ට ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් ඇතුළත් වීම විශේෂත්වයක්. එමෙන්ම ප්‍රනීත් විතානගේ ද අර්ධ ශතකයකින් ඉනිමට දායකත්වය ලබා දුන්නා.
මේ අතර ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් කවිඳු කේසර අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර ඔහු පන්දු යැවීමෙන් ද දක්ෂතා දක්වමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය
(කඳාන ද මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- කඳාන ද මැසනඩ් විද්‍යාලය – 320/7d (84.1) ශෙවන් මෙනූශ 150*, ප්‍රනීත් විතානගේ 56, කවිඳු කේසර 2/28, සසිඳු රන්දීප 2/24
- ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 211/6 (78) කවිඳු කේසර 64*, නවිඳු ප්‍රමෝද් 45, සවිනු චන්තුල 3/60, නෙශාන් ඩයස් 2/32
තරගය විසඳුමකින් තොරව අවසන් වුනා.
මේ අතර තවත් තරග කිහිපයක් අද (05) දිනයෙන් ආරම්භ වුනා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<