සදෙව්, මලින්ත සහ පුන්සර පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

65

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (03) දිනයෙන් අවසන් වුනා. 

මේ අතරින් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් කරා ගෙන යාමට මුල් වූ මලින්ත සිල්වා කඩුලු 7 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, අමේෂ් අල්මේදා සහ උශේන් සිල්වා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම සෙබස්තියන් විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබුවද, ඔවුන් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පුන්සර රාජකරුණා ද කඩුලු 7 දස්කමක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර කළුතර සිරි කුරුස විද්‍යාලයට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ සදෙව් නෙත්මිණ කඩුලු 9ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වීමත් සුවිශේෂී සිදුවීමක්. 

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය  

(සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී) 

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 232/10 (66.2) අදේශ් අල්මේදා 74, නවෝද් ප්‍රනාන්දු 45, පුන්සර රාජකරුණා 7/64 & 137/0 (20) උශේන් සිල්වා 85* 
  • නාලන්දා විද්‍යාලය – 230/10 (76.5) ඔසඳ පමුදිත 74, මල්ශ ප්‍රනාන්දු 34, මලින්ත සිල්වා 7/86 

තරගය ජය පැරදුමෙන් තොරයි, සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කළුතර සිරි කුරුස විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය  

(බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී) 

  • සිරි කුරුස විද්‍යාලය – 109/10 (40.2) පසිඳු විමංස 43, සදෙව් නෙත්මිණ 9/23 & 92/7 (38) සනුක චෙරාන් 41, සෙහස් අශින්ස 3/8 
  • මහින්ද විද්‍යාලය – 133/10 (39.3) සජීව් පුන්සර 32, හිමරු දේශාන් 6/45 

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<