ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඊයේ (13) දිනයෙන් අවසන් වුනා.
කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් මහානාම විද්‍යාලයට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමි වීම විශේෂත්වයක්.
මෙම තරගයේ දී බෙනඩික්ට් පළමු ඉනිම ලකුණු 131කට සීමා කිරීමට පෙරමුණ ගත් මහානාම නායක අනුක විජේවර්ධන කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර, දෙවැනි ඉනිමේ දී ඔහු තවත් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
මහානාම විද්‍යාලය වෙනුවෙන් අනුකට නොදෙවෙනි දක්ෂතාවක් දැක්වීමට සමත් වූ චාමික හීනටිගල බෙනඩික්ට් පළමු ඉනිමේ කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, එතැනින් ද නොනැවතී මහානාම පළමු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මෙවන් දිසානායක ද කඩුලු 4 දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ බෙනඩික්ට් විද්‍යාලය
(කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී)
බෙනඩික්ට් විද්‍යාලය – 131/10 (42.5) අකේන් පෙරේරා 43, අනුක විජේවර්ධන 7/39, චාමික හීනටිගල 3/20 & 95/10 (40) මාණික්‍ය දේශප්‍රිය 26, අනුක විජේවර්ධන 4/28, චාමික හීනටිගල 4/31
මහානාම විද්‍යාලය – 214/10 (58.2) චාමික හීනටිගල 65, එශාන් විතානගේ 41, මෙවන් දිසානායක 4/66, සමිඳු පීරිස් 3/32 & 15/0 (2.3)
කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 10ක ජයග්‍රහණයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<