මහින්ද සහ තර්ස්ටන් විද්‍යාල සම ශූරයින් ලෙස කිරුළු දරයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය ඊයේ (01) දිනයේ ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුනා. 

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගය පුරාවටම වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, තරගයේ විසඳුමක් කරා යාමට නොහැකි වීමේ ප්‍රධානතම හේතුව බවට ද එය පත් වුනා. 

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ තර්ස්ටන් ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා සිය ඉනිම අත්හිටුවීමට ඊයේ දිනයේ තීරණය කළ අතර, මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ විහස් තෙව්මික නොදැවී ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසුණු මහින්ද විද්‍යාලය තරගය වර්ෂාව නිසා අත්හැර දමනා විට කඩුලු 3ක් දැවී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මේ අනුව පළමු කොටසේ Tier B සම ශූරයින් ලෙස කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය නම් කෙරුණා. 

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය   

(සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී) 

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 311/6d (97.3) විහස් තෙව්මික 83*, තනුජ රාජපක්ෂ 76, දිනාල් ඉඳුවර 41, සදෙව් නෙත්මිණ 2/74 
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 56/3 (33) දුල්සිත් දර්ශන 27 

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<