ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (02) දිනයේ දී ආරම්භ වුනා.
මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර ආරම්භ වූ මෙම තරගයේ දී මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට යොහාන් ආලෝක සහ සෆ්නි ඩීන් විසින් සමත් වුනා.
එමෙන්ම ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් දෙහෙම් නිර්මාල් සහ ශනල් බිනුශ්ක කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.
මේ අතර කඳාන ද මැසනඩ් විද්‍යාලය සමඟ ආරම්භ වූ සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරගයේ දී කඩුලු 6 දස්කමක් දැක්වීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ තිසර දෙව්දුනු විසින් සමත් වුනා.
- >>ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්<<
- >>බංග්ලාදේශයට තරග 4-1ක ජයක්<<
- >>පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි<<
- >>කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට<<
- >>කිවි – සිංහ ගැටුමට පෙර<<
මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය
(කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 246/10 (73.5) සෆ්නි ඩීන් 84, යොහාන් ආලෝක 83, දෙහෙම් නිර්මාල් 4/66, ශනල් බිනුශ්ක 4/52
- ඩී.එස්.සේනානායක විද්‍යාලය – 1/0 (1.2)
පළමු දිනයට තරගය නතර කළා.
කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය
(නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- කඳාන ද මැසනඩ් විද්‍යාලය – 111/10 (40.2) කවීන් නෙත්මින 32, තිසර දෙව්දුනු 6/48
- කොළඹ නාලන්දා විද්‍යාලය – 101/3 (27)
පළමු දිනයට තරගය නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<